01

E   |     |  

 දිනය: 2017-06-22   පිළිතුර ලබා දී ඇත 

1395/2017: අය වැය යෝජනා අනුව කුළුබඩු නිෂ්පාදනයේ දියුණුවට වෙන් කළ මුදල: වැය විස්තර

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       2016 අයවැයෙහි අංක 165 සහ 166 යෝජනාවලට අනුව, 7 වන ශතවර්ෂය දක්වා වූ දීර්ඝ ඉතිහාසයක් ඇති, ශ්‍රී ලංකාවේ කුළුබඩු ගෝලීය වශයෙන් සන්නාමගත කිරීමේ වැඩපිළිවෙළ දියත්      කිරීම සඳහා අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 150ක ප්‍රතිපාදනය වැය කළ ආකාරය පිළිබඳ වැය විස්තරයක් ඉදිරිපත් කරන්නේද;

(ii) 2016 වර්ෂය තුළදී උක්ත යෝජ‍නාවට අනුව, කුරුඳු, ගම්මිරිස්, කරදමුංගු සහ සාදික්කා ආදී වගාවන් සඳහා කල්බදු පදනමින් ලබා දුන් ඉඩම් ප්‍රමාණය කොපමණද;

(iii) එම කල්බදුලාභීන්ගේ නාම ලේඛනයක් සභාගත කරන්නේද;

(iv) 2016 වර්ෂය තුළදී උක්ත වගාවන් සඳහා උනන්දු කරවනු ලැබූ ප්‍රාදේශීය වැවිලි සමාගම් කවරේද;

(v) උක්ත අයවැය යෝජනාවෙන් කුරුඳු පර්යේෂණ වෙනුවෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 50ක ප්‍රතිපාදනය වැය කළ ආකාරය පිළිබඳ තහවුරු කරනු ලැබූ වැය විස්තරයක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-06-22

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2016 අය වැයෙහි අංක 165 යටතේ ප්‍රතිපාදන මෙම අමාත්‍යාංශයට වෙන්ව නොමැත. 166 යෝජනාවට අනුව රුපියල් මිලියන 50ක ප්‍රතිපාදන මාතර, පලොල්පිටිය ජාතික කුරුඳු  පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයට අවශ්‍ය පර්යේෂණ උපකරණ මිලදී ගැනීමට යොදවා තිබෙනවා.

                        ඒකට අදාළ විශාල ලැයිස්තුවක් තිබෙනවා. ගරු මන්ත්‍රීතුමනි, මම ඒ ලැයිස්තුව සභාගත* කරන්නම්.

(ii) 2016 වර්ෂය තුළදී කුරුඳු, ගම්මිරිස්, කරඳමුංගු සහ සාදික්කා වගාව සඳහා කල්බදු පදනමින් ඉඩම් ලබා දී නැත. ඒ සඳහා නිදහස් කරගත හැකි ඉඩම් හඳුනාගනිමින් පවතිනවා.

(iii) අදාළ නොවේ.

(iv) ඔව්. අපනයන කෘෂි බෝග වගාව වතු අංශයේ ව්‍යාප්ති කිරීම සඳහා පහත දායකත්වය ලබා දී ඇත.

(i) අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති සේවාව ලබාදීම.

(ii) අපනයන බෝග පැල සකස් කර ගැනීම සඳහා පුහුණුව ලබාදීම.

(iii) අපනයන බෝග නිෂ්පාදන පිළිබඳව අන්තර්ජාතික ප්‍රවණතා පිළිබඳව වැඩමුළු පැවැත්වීම.

අදාළ පුද්ගලික වැවිලි සමාගම්:

1. කහවත්ත වැවිලි සමාගම

2. කුරුණෑගල වැවිලි සමාගම - රජය සතු සමාගම

3. ලලාන් රබර් පෞද්ගලික සමාගම

4. පුස්සැල්ලාව වැවිලි සමාගම

5. මල්වත්ත වැවිලි සමාගම

6. හපුගස්තැන්න වැවිලි සමාගම

7. මඩොල්සිම වැවිලි සමාගම

8. වටවල වැවිලි සමාගම

9. නමුනුකුල වැවිලි සමාගම

10. තලවකැලේ වැවිලි සමාගම

(v) ඉහත (අ) (i) යටතේ දැක්වේ.

(ආ) අදාළ නොවේ

පිළිතුරු දුන් දිනය

2017-06-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දයා ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks