පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1385/’16
ගරු බන්දුල ගුණවර්ධන මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 අයවැයෙහි අංක 145 යෝජනාවට අනුව, ධීවර ප්‍රජාවගේ සුරක්ෂිතභාවය අරමුණු කර ගනිමින්, මුහුදේදී සිදුවන අනතුරු සඳහා රුපියල් මිලියනයක ජීවිත රක්ෂණ යෝජනා ක්‍රමයක් ආරම්භ කරනු ලැබුවේද;
(ii) එසේ නම්, එම රක්ෂණ ආවරණය ලබාදෙන ආයතනය සහ ඒ වෙනුවෙන් ගෙවනු ලබන රක්ෂණ වාරිකයන් කවරේද;
(iii) මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් හානිපූරණය කළ ප්‍රමාණය කොපමණද;
(iv) මෙම රක්ෂණ යෝජනා ක්‍රමය අනුව, ජීවිත රක්ෂණ ආවරණය ලැබූ ධීවරයන්ගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-10-03
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
වර්තමාන රජය අය වැය ලේඛනයෙන් පොරොන්දු වුණු ආකාරයටම අද දිනය වන විටත් ඒ ක්‍රමය ක්‍රියාත්මක වනවා.
(ii) ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලය මඟින් එම රක්ෂණ ආවරණය ලබා දෙන අතර රක්ෂණ වාරිකයක් අය නොකෙරේ.
(iii) මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් මේ දක්වා හානිපූරණය කළ සංඛ්‍යාව 13කි.
(iv) ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී සිටින 190,000ට අධික සියලුම සක්‍රිය ධීවර කාර්මිකයන් මෙන්ම අර්ධ කාලීන ධීවර කාර්මිකයන් ද මෙම රක්ෂණ යෝජනා ක්‍රමය අනුව ජීවිතාරක්ෂණ ආවරණය ලබන බැවින් ජීවිත රක්ෂණ ආවරණය ලබන ධීවරයන්ගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කිරීම අසීරුයි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-10-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks