04

E   |     |  

 දිනය: 2010-10-07   පිළිතුර ලබා දී ඇත 

0390/2010: Ruhunu Bus Company Ltd.

0390/’10

ගරු රවුෆ් හකීම් මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      අකුරැස්ස, ගොඩවත්ත පාර, ගොඩපිටිය ලිපිනයෙහි පදිංචි එම්. ඒ. සිත්ති පස්ලිහා මහත්මිය අකුරැස්ස සී/ස රුහුණු බස් සමාගමට අයත් අකුරැස්ස ඩිපෝවේ vi ‍‍ශ්‍රේණියේ ලිපිකාරිනියක ලෙස සේවය කළ බවත්;

(ii) පරිපාලනමය විෂමචාර චෝදනාවක් මත 2004.12.17 දින සිට අර්ධ වැටුප් සහිතව ඇයගේ සේවය අත්හිටවූ බවත්;

(iii) නැවත විනය පරීක්ෂණ මණ්ඩල තීරණයක් අනුව, 2005.06.01 දින සිට ඇය සේවයෙන් පහ කළ බවත්;

(iv) මේ සම්බන්ධයෙන් පස්ලිහා මහත්මිය විසින් මාතර කම්කරු විනිශ්චය සභාවේ ගොනු කළ නඩුව (අංක L/T/M26/70/2005) නිශ්ප්‍රභා කරන ලද බවත්;

(v) අනතුරුව දකුණු පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය (මාතර) වෙත අභියාචනයක් (අංක S/P/HCCA/MA/L/T06/2009) ඉදිරිපත් කළ බවත්;

 

(vi) ඒ අනුව, 2010.05.04 දින අධිකරණය මගින් පස්ලිහා මහත්මිය නැවත සේවයේ පිහිටුවීමටත්, සේවය අත්හිටවූ කාලයට අදාළ හිඟවැටුප් සියල්ල ගෙවීමටත් නියෝග කළ බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත අධිකරණ නියෝග මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට හේතුව කවරේද;

(ii) පස්ලිහා මහත්මිය වහාම සේවයේ පිහිටුවා අදාළ හිඟ වැටුප් ගෙවීමට නොපමාව පියවර ගන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

අසන ලද දිනය

2010-10-07

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks