01

E   |     |  

 දිනය: 2017-05-25   පිළිතුර ලබා දී ඇත 

1380/2017: ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය: මහා භාණ්ඩාගාරය ලබා දුන් මුදල්

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       2016 අයවැයෙහි අංක 150 යෝජනාවට අනුව, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියට (NAQDA) වෙන් කළ රුපියල් මිලියන 100න්, මහා භාණ්ඩාගාරය විසින් එම වර්ෂය තුළදී ලබා දුන් මුදල් ප්‍රමාණය කොපමණද;

(ii) ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් එම මූල්‍ය ප්‍රතිපාදන වැය කිරීම සඳහා නිශ්චිත ව්‍යාපෘති සකසා තිබුනේද;

(iii) 2016 වර්ෂයට වෙන් කළ ඉහත රුපියල් මිලියන 100 වැය කළ ආකාරය පිළිබඳ වැඩසටහන් විස්තරයක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-05-25

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)            (i)         2016 අය වැයෙහි අංක 150 යෝජනාවට අනුව මත්ස්‍ය අභිජනන ධාරිතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය වෙත වෙන් කළ රුපියල් මිලියන 100න් ඒ සඳහා වියදම් වූ රුපියල් 93,716,966/-ක මුදල මහා භාණ්ඩාගාරය විසින් ලබා දී ඇත.

                (ii)         ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය එම මූල්‍ය ප්‍රතිපාදන වැය කිරීම සඳහා නිශ්චිත ව්‍යාපෘති වාර්තා සකස් කර තිබුණු අතර, ඒ අනුව නැවත අධිකාරිය වෙත පවරා ගන්නා ලද පෞද්ගලික අංශය මඟින් පාලනය වූ මුරුතවෙල ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයෙහි මූලික පුනරුත්ථාපන කටයුතු සඳහා එම මුදල් යොදවා ගෙන ඇත.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සතුව තිබූ මිරිදිය අංශය මඟින් පාලන කරන ලද මුරුතවෙල මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය වර්ෂ 1990දී මිරිදිය මත්ස්‍ය අභිජනන කටයුතු වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ලබාදීම නතර කිරීම නිසා අනතුරුව පෞද්ගලික අංශය වෙත දීර්ඝ කාලීනව බදු දෙන ලදි.

මුරුතවෙල මිරිදිය අභිජනන මධ්‍යස්ථානය පිහිටි සම්පූර්ණ ඉඩම හෙක්ටෙයාර 10.229 වේ. එහි පිහිටි සම්පූර්ණ මඩ පොකුණු 33,000m2 පමණ වේ. එම පොකුණු පද්ධතිය පෞද්ගලික අංශය විසින් විසිතුරු මත්ස්‍ය අභිජනන කටයුතු සඳහා භාවිත කරන ලදි.

දකුණු පළාතේ පිහිටි ජලාශ සඳහා අවශ්‍ය මිරිදිය මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනය කිරීමට එම මධ්‍යස්ථානයේ කොටසක් එනම් හෙක්ටෙයාර 7.65ක් 2015.10.17 දින සිට නැවත ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය වෙත පවරා ගන්නා ලදි. එම කොටසට අයත් පොකුණු නව සැලැස්මකට ඉදි කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට මෙම මුදල් වැය කර ඇත.

මෙම කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසු වාර්ෂික මත්ස්‍ය ඇඟිල්ලන් මිලියන 08ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.

(iii) 

 

 

සිදු කරනු ලැබූ වියදම (රු.මි.)

ළු ව්‍යාපෘතිය සඳහා ව්‍යූහාත්මක සැලසුම්, ඇස්තමේන්තු පිළියෙල කිරීම, පළමු අදියර සඳහා ඉදිකිරීම් අධීක්ෂණය සහ කළමනාකරණය සිදු කිරීම. (Detail Design and Preparation of BOQs of Total Project and Construction Supervision for Stage 1 of the Project)

13.8

පොකුණු/ මත්ස්‍ය අභිජනනාගාර ජල සැපයුම් පද්ධතිය සහ අනෙකුත් ගොඩනැඟිලි ඉදි කිරීම.

67.0

යාන්ත්‍රික උපකරණ, කාර්යාලීය/ විද්‍යාගාර උපකරණ මිලදී ගැනීම.

12.9

එකතුව

 

 

 

 

 

 

 

 

 

 

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-05-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks