පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1372/’16
ගරු බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 අයවැය යෝජනා අංක 124ට අනුව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ව්‍යාපාර ප්‍රාග්ධනය සැපයීමේ අරමුණින්, “අරමුදල්වල අරමුදල”ක් පිහිටවනු ලැබුවේද;
(ii) එකී "අරමුදල්වල අරමුදල" සඳහා දායක වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) වෙතින් ඉල්ලීමක් කරනු ලැබුවේද;
(iii) එසේ නම්, එයට ලැබුනු ප්‍රතිචාර කවරේද;
(iv) ව්‍යාපාර ප්‍රාග්ධන සමාගම් සඳහා වූ සාංගමික ආදායම් බදු 50% කින් අඩු කිරීමට අදාළව දේශීය ආදායම් පනත සංශෝධනය කරනු ලැබුවේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-05-24
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) "අරමුදල්වල අරමුදල" නැමැති ඒකාබද්ධ අරමුදලක් ස්ථාපිත කිරීම මඟින් ව්‍යාපාර ප්‍රාග්ධන ප්‍රවේශය ඇති කිරීම තුළින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා කොටස් මූල්‍ය පහසුකම් ලබා දීමට 2016 අය වැය මඟින් යෝජනා කරන ලදී. බැංකු, රක්ෂණ සමාගම් ඊපීඑෆ්, ඊටීඑෆ් වැනි රාජ්‍ය සතු අරමුදල්, ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IFC) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) යන පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් මෙම අරමුදල ආරම්භ කිරීමට යෝජනා විය. ඒ අනුව ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කළ අතර, ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකා ව්‍යාපාර ප්‍රාග්ධන සංකල්පය සඳහා පවතින වෙළෙඳපොළ ඉල්ලුම විශ්ලේෂණය කිරීම සඳහා මූලික වෙළෙඳපොළ සමීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට එකඟ විය.
ඒ අනුව "York Street Partners" ආයතනය විසින් අදාළ වෙළෙඳ පොළ සමීක්ෂණය සිදු කරනු ලැබූ අතර, නියමු ව්‍යාපෘතියක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක අරමුදලකින් ආරම්භ කර, එහි ප්‍රගතිය මත ප්‍රධාන අරමුදල ගොඩනැඟීම යෝග්‍ය බව එම අධ්‍යයනයෙන් නිර්දේශ කර ඇත. අදාළ නියමු අරමුදල පිහිටුවීම සඳහා අවශ්‍ය මූලික ප්‍රාග්ධනය (Seed Capital) සපයා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත.
යෝජිත ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදල ක්‍රියාවට නංවන තෙක් එම අරමුදල ස්ථාපිත කිරීම මඟින් විසඳීමට බලාපොරොත්තු වන මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම සහ ණය සුරැකුම් පිළිබඳ ගැටලුව සඳහා විසඳුමක් ලබා දීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව "සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම (SMELoC)" සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ණය සඳහා ඇප ලබාදෙන ණය සුරැකුම් ආයතනය හඳුන්වා දීමට රජය ක්‍රියා කරන ලදී. ඊට අමතරව කෘෂි කර්මය, කුකුළන් ආශ්‍රිත නිෂ්පාදන අංශය, මල් වගාව, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා රටේ වෙනත් පීඩාවන්ට ලක්ව ඇති කණ්ඩායම් ආවරණය වන පරිදි එම ජනතාවට දැරිය හැකි පොලී අනුපාතයකට මූල්‍ය පහසුකම් සපයන සහන ණය යෝජනා ක්‍රම 8ක් හඳුන්වා දීමට රාජ්‍ය විසින් පියවර ගෙන තිබේ. එම යෝජනා ක්‍රම 2017 අය වැය යෝජනා අනුව හඳුන්වාදෙන ලද අතර, 2017 මාර්තු මස 31වැනි දින සිට සියලුම රාජ්‍ය බැංකු හා ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු හරහා ක්‍රියාත්මක වේ. එම ණය යෝජනා ක්‍රම පහත දැක්වේ.
1. රන් අස්වැන්න
2. ගොවි නවෝදා
3. ජය ඉසුර
4. රිවි බල සවි
5. රිය ශක්ති
6. සොඳුරු පියස
7. දිරි සවිය
8. මාධ්‍ය අරුණ
(ii) ඔව්.
(iii) මෙම අරමුදල ගොඩනැඟීම පිළිබඳ මූලික වෙළෙඳ පොළ සමීක්ෂණය සිදුකිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය (Technical Assistance) ප්‍රදානයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදෙන ලදී.
(iv) නැත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-10-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks