01

E   |     |  

 දිනය: 2017-06-09   පිළිතුර ලබා දී ඇත 

1368/2017: Appointment of a Principal to 8 national schools in Kalmunai educational zone

1368/’16

ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      මෑතකදී උසස් කරන ලද තම්පිලුවිල් මධ්‍ය මහා විද්‍යාලය ඇතුළුව ජාතික පාසල් අටක් නැගෙනහිර ප‍ළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ, කල්මුනේ අධ්‍යාපන කලාපයේ තිබෙන බවත්;

(ii) මේ වනවිටත් එම ජාතික පාසැල් සඳහා ස්ථීර විදුහල්පතිවරුන් පත්කර නොමැති බවත්;

 

(iii) ඉහත පාසල්වල ස්ථීර විදුහල්පතිවරුන් සිටින බවට වැරදි තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දී ඇති බවත්;

(iv) අධ්‍යාපන අමාත්‍යාංශයේ නිසි අධීක්ෂණයක් නොමැතිව ඉහත පාසල් ක්‍රියාත්මක වනබවට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරින්ගේ සංගමය‍ චෝදනා නගා ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ජාතික පාසැල්වල විදුහල්පතිවරු අනිවාර්යයෙන්ම උපාධිධාරින් විය යුතු බවට වන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි, ඉහත සඳහන් පාසල්වලට සුදුසු ස්ථීර විදුහල්පතිවරුන් පත්කිරීමට කටයුතු කරන්නේද;

  (ii) එසේ නම්,  එය ක්‍රියාත්මක වන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-06-09

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2017-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks