02

E   |     |  

 දිනය: 2017-06-06   පිළිතුර ලබා දී ඇත 

1366/2017: කඳුරට ඇතුළු බොහෝ ප්‍රදේශවලට ත්‍රිපෝෂ ලබා නොදීම : හේතු

ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       සෞඛ්‍ය දෙපාර්තමේන්තුව  විසින් ගර්භනී මාතාවන්ට, කිරිදෙන මව්වරුන්ට හා බර අඩු අවුරුදු 5 ට අඩු ළමුන්ට “ත්‍රීපෝෂ” පෝෂ්‍යදායි ආහාරය ලබා දුන් බවත්;

             (ii)       එසේ ලබා දෙන ලද ත්‍රීපෝෂ, පසුගිය මාස 3 කට වැඩි කාලයක සිට කඳුරට ඇතුළු බොහෝ ප්‍රදේශවලට ලබා නොදුන් බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ත්‍රිපෝෂ ලබා නොදීමට හේතු කව‍රේද;

(ii) රජය විසින් මෙතෙක් නොමිලේ ලබා දෙන ත්‍රීපෝෂ පෞද්ගලික සුපිරි වෙළඳසැල් මඟින් විකිණීමේ කටයුතු සිදු වෙමින් පවතින බවට, මෑතකදී මාධ්‍යවලින් පළ කරන ලද වාර්තාවල සත්‍යතාවයක් තිබේද;

(iii) ත්‍රීපෝෂ අදාළ ජනතාවට ලබා දීමට කටයුතු කරන්නේද;

(iv) එසේ නම්, එම දිනය කවරේද;

  යන්න එතුමා මෙම මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-06-06

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ත්‍රිපෝෂ ලැබීමට හිමිකම් ඇති සියලුම ප්‍රතිලාභීන්ට ත්‍රිපෝෂ ලබා දී ඇත.

(ආ)         (i)      පැන නොනඟී.

              (ii)      නැත.

             (iii)      ඔව්.

             (iv)      පැන නොනඟී.

(ඇ)     පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks