පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1335/’16
ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 හා 2016 වර්ෂයන්හිදී දකුණු පළාතෙන් වාර්තා වූ වකුගඩු රෝගීන් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒ අනුව, දකුණු පළාතේ වැඩිම වකුගඩු රෝගීන් පිරිසක් වාර්තාවන දිස්ත්‍රික්කය කවරේද;
(iii) දකුණු පළාතේ වකුගඩු රෝගයට බලපා ඇති ප්‍රධාන හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) එම වකුගඩු රෝගීන් වෙනුවෙන් රජය ආධාර ලබා දීමට කටයුතු කර තිබේද;
(ii) එසේ නම්, ලබා දී ඇති ආධාර කවරේද;
(iii) දකුණු පළාතේ වකුගඩු රෝග නිවාරණයට පියවර ගෙන තිබේද;
(iv) එසේ නම්, එම පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-07-06
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2015 වර්ෂයේ - 271 (දෙසිය හැත්තෑඑකක්)
2016 වර්ෂයේ - 1101 (එක්දහස් එකසියඑකක්)
එකතුව - 1372 (එක්දහස් තුන්සියහැත්තෑදෙකක්)
(ii) මාතර දිස්ත්‍රික්කය
(iii) මෙම වකුගඩු රෝගීන්ගෙන් බොහෝ ප්‍රමාණයක් නිදන්ගත වකුගඩු රෝගීන් වන අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසක් දියවැඩියාව, අධි රුධිර පීඩනය, වකුගඩු ආශ්‍රිත ගල් සෑදීම, සහ පුරස්ථි ග්‍රන්ථියේ ඉදිමීම වැනි රෝගවලින් පෙළෙන පුද්ගලයින් බව වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණය වේ.
(ආ) (i) ඔව්.
(ii) වකුගඩු රෝගීන්ගේ විස්තර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු කෙරෙන අතර, සමාජ සේවා හා සුභසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ එක් රෝගියෙක් සඳහා රු.3000යි ගෙවමින් තිබුණේ. ජනාධිපතිතුමාගේ අලුත් නියෝගය අනුව දැනට රුපියල් 5,000 බැගින් ආධාර ගෙවීම සිදු කරයි.
(iii) ඔව්.
(iv)
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-07-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks