01

E   |     |  

 දිනය: 2017-08-09   පිළිතුර ලබා දී ඇත 

1303/2017: රජය මිලදී ගත් වී ප්‍රමාණය : වැය කළ මුදල

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      වර්ෂ 2013 සිට 2016 දක්වා,

              (i)      රජය විසින් මිලදී ගත් වී ප්‍රමාණය;

             (ii)      රජය විසින් වී මිලදී ගැනීමට වැය කරන ලද මුදල;

           (iii)      රජය විසින් මිලදී ගත් වී කිලෝවක් සඳහා ගොවීන් වෙත ගෙවනු ලැබූ මිල;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) වර්ෂ 2013 සිට 2016 දක්වා මාතර දිස්ත්‍රික්කයේ,

(i) සමස්ත වී අස්වැන්න;

(ii) රජය විසින් ගොවීන්ගෙන් මිලදී ගත් වී ප්‍රමාණය;

  එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-09

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

Tabled...

පිළිතුරු දුන් දිනය

2017-08-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks