පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1302/’16
ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග කිලෝමීටර් ප්‍රමාණය, එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) එම ප්‍රමාණය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) 2013, 2014, 2015 සහ 2016 යන වර්ෂයන්හි කාපට් අතුරන ලද දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාතර දිස්ත්‍රික්කයේ මාර්ග කිලෝමීටර් ප්‍රමාණය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) දකුණු පළාත් සභාවට අයත් මාර්ග සංවර්ධනය කිරීමට හා නඩත්තු කිරීමට ප්‍රතිපාදන සපයනු ලබන ප්‍රභවයන් කවරේද;
(v) 2013, 2014, 2015 සහ 2016 යන වර්ෂයන්හි ඉහත ප්‍රභවයන් යටතේ මාතර දිස්ත්‍රික්කයේ පළාත් මාර්ග සංවර්ධනය සඳහා වැය කරනු ලැබූ මුදල් ප්‍රමාණය එක් එක් ප්‍රභවය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-05-24
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
දිස්ත්‍රික්කය |
දිග කි.මී. |
|
ගාල්ල |
672.49 |
|
මාතර |
531.77 |
|
හම්බන්තොට |
440.01 |
|
එකතුව |
1,644.27 |
(ii)
|
දිස්ත්‍රික්කය |
C පන්තිය (දිග කි.මී.) |
D පන්තිය (දිග කි.මී.) |
E පන්තිය (දිග කි.මී.) |
|
ගාල්ල |
387.24 |
271.90 |
13.35 |
|
මාතර |
288.45 |
243.32 |
- |
|
හම්බන්තොට |
239.78 |
200.23 |
- |
|
එකතුව |
915.47 |
715.45 |
13.35 |
(iii)
|
වර්ෂය |
කාපට් අතුරන ලද මාර්ග කි.මී. ප්‍රමාණය |
|
2013 |
24.10 |
|
2014 |
11.844 |
|
2015 |
0.528 |
|
2016 |
19.99 |
(iv) 1. පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන
2. පුනරාවර්තන මාර්ග නඩත්තු
3. කුඩා හා මහා පරිමාණ වතු ආශ්‍රිත ප්‍රවේශ මාර්ග (වතු මාර්ග)
(විශේෂ ව්‍යාපෘති මඟින් වෙන් වන ප්‍රතිපාදන)
4. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය
5. පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන (විශේෂ) - දැයට කිරුළ වැඩසටහනට සමගාමීව
(v)
|
වර්ෂය |
පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන රු.මි. |
පුනරාවර්තන මාර්ග නඩත්තු රු. මි. |
විශේෂ ව්‍යාපෘති (ආර්ථික සං. අමා.ප්‍රතිපාදන) රු. මි. |
කුඩා හා මහා පරිමාණ වතු ආශ්‍රිත ප්‍රවේශ මාර්ග රු. මි. |
පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රතිපාදන (දැයට කිරුළ වැඩ සටහනට සමගාමීව) රු.මි. |
|
2013 |
35,615,946.02 |
29,979,697.21 |
438,841,651.97 |
|
|
|
2014 |
95,634,381.40 |
67,539,428.26 |
150,081,172.05 |
11,433,866.36 |
|
|
2015 |
46,045,752.22 |
57,436,007.45 |
125,122,864.48 |
|
229,258,885.24 |
|
2016 |
88,087,133.47 |
41,557,928.44 |
83,993,958.06 |
|
372,183,690.20 |
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-05-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks