01

E   |     |  

 දිනය: 2017-05-23   පිළිතුර ලබා දී ඇත 

1300/2017: රාජ්‍ය සේවකයන්ට යතුරුපැදි ලබා දීම: මාතර දිස්ත්‍රික්කය

1300/’16

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ඉකුත් රජය විසින් රජයේ ක්ෂේත්‍ර නිලධාරින් සඳහා සහනදායි පදනම මත යතුරුපැදි ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ බව ‍දන්නේද;

            (ii)      ඒ යටතේ මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්ට ලබා දෙන ලද යතුරුපැදි සංඛ්‍යාව, ඔවුන්ගේ වෘත්තිය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

 

(iii) එක් යතුරුපැදියක් සඳහා අදාළ නිලධාරියාගේ මූල්‍ය දායකත්වය හා රජයේ දායකත්වය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) දායකත්ව මුදල නැවත ගෙවනු ලබන බවත්, සියලු රාජ්‍ය සේවකයන්ට නොමිලේ  යතුරුපැදි ලබා දෙන බවටත් වත්මන් රජය පොරොන්දු වූ බව දන්නේද;

(ii) නැවත ගෙවනු ලැබූ මුදල් හිමිකර ගත් රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) 2015 සහ 2016 වර්ෂයන්හි රජයේ පූර්ණ අනුග්‍රහය මත යතුරුපැදි හිමිකර ගත් රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) දිස්ත්‍රික්කයේ යතුරුපැදි ලබා ගැනීමට හිමිකම් ඇති  ඉතිරි රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව කොපමණද;

(v) ඔවුන්ට නොමිලේ යතුරුපැදි ලබා දෙන  දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-05-23

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)      ඔව්.

               (ii)      අදාළ තොරතුරු ඇමුණුම 1* මඟින් ඉදිරිපත් කර ඇත.

              (iii)      මූල්‍ය දායකත්වය පහත පරිදි වේ.‍

 

 

යතුරු පැදි වර්ගය

නිලධාරියා විසින් දරන ලද මූල්‍ය දායකත්වය (රු)

රජයේ දායකත්වය (බදු ප්‍රතිශතයේ සිදු වූ වෙනස්වීම් අනුව) රු.

කාන්තා යතුරුපැදි     

a. Hero Pleasure 100 cc                         

b. Hero Pleasure 100 cc

c.  Hero Pleasure 100 cc

 

 45,000/-    

45,000/-

45,000/-

 

83,963/-  

93,945/-

119,662/-

a. Bajaj Discover 125M     

b. Bajaj Discover 125M

 50,000/-

50,000/-

 128,545/- 

 95,264/-

(ආ) (i) සියලු රජයේ සේවකයින්ට නොමිලේ යතුරුපැදි ලබා දීවමට රජය විසින් මෙතෙක් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැත.

(ii) නැවත ගෙවා නොමැත. (මෙම රාජ්‍ය සේවකයින්ට නැවත මුදල් ගෙවීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බැවින් ගෙවන ලද මදල් නැවත ගෙවීමක් අදාළ නොවේ.)

(iii) ඉහත (අ) (iii) හි සඳහන් පරිදි රජයේ පූර්ණ අනුග්‍රහය මත යතුරුපැදි ලබා දී නොමැත. කෙසේ වුවද, ඉහත සඳහන් සහනදායී පදනම මත 2015 හා 2016 වර්ෂයන්හි ලබා දුන් යතුරුපැදි සම්බන්ධ විස්තර ඇමුණුම 02හි* ඇතුළත් වේ. මේවා ලබා දෙන ලද්දේ 2015.11.20 දිනට අදාළ නිලධාරින් විසින් මුදල් ගෙවා අවසන් කර තිබීමේ පදනම මතය.

(iv)  2016 අය වැය යෝජනාවල සඳහන් කළ පරිදි 2015.11.20 දින සිට මෙම වැඩසටහන අවසන් කර ඇත.

              (v) දැනට මෙම වැඩසටහන අවසන් කර ඇති බැවින් තවදුරටත් ඉදිරියට යතුරුපැදි ලබා දීම සිදුකරනු නොලැබේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2017-07-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks