පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව, වෛද්‍යවරුන් හා ජනගහනය අතර පැවතිය යුතු අනුපාතය කවරේද;
(ii) ශ්‍රී ලංකාවේ එම අගය කවරක්ද;
(iii) මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහනය අනුව සිටිය යුතු වෛද්‍යවරු සංඛ්‍යාව කොපමණද;
(iv) දැනට සිටින වෛද්‍යවරු සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) මාතර දිස්ත්‍රික්කය තුළ සේවයේ යොදවා ඇති සෞඛ්‍ය සේවයට අදාළ මුළු නිලධාරින් හා සේවකයන් සංඛ්‍යාව, එක් එක් වෘත්තිය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-03-08
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 1,000ට 1ක් (පුද්ගලයින් දාහට එකක අනුපාතය)
(ii) 1,179ට 1ක් (පුද්ගලයින් එක්දහස් එකසිය හැත්තෑ නවයකට එකක අනුපාතය)
(iii) 845කි (අටසිය හතළිස් පහකි)
(iv) 467කි. (හාරසිය හැට හතකි)
(ආ) ඇමුණුමෙහි දක්වා ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-03-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ෆයිසාල් කාසිම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks