04

E   |     |  

 දිනය: 2017-03-24   පිළිතුර ලබා දී ඇත 

1284/2017: එච්. කේ. ප්‍රේමතිලක මහතා : විශ්‍රාම වැටුප

1284/’16

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       දෙවිනුවර, වෙහෙල්ගොඩ, “ප්‍රේමසිරි” නිවසේ පදිංචි, එච්. කේ. ප්‍රේමතිලක මහතා, 1978.05.05 සිට 1986.11.10 දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදා ස්වේච්ඡා  ගුවන් භටයෙකු වශයෙන්ද, 1986.11.03  සිට 1995.11.30  දක්වා කම්කරු දෙපාර්තමේන්තුවේ පෙදරේරු පුහුණු උපදේශකයෙකු වශයෙන්ද,  1995.11.30 සිට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට අනුයුක්තව සේවය කළ බවත්;

(ii) වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු 2015.09.18 වැනි දින ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියෙන් විශ්‍රාම ගන්වා ඇති බවත්;

 

(iii) රාජ්‍ය සේවයේ වසර 33, මාස 04,  දින 13 ක් සේවය කළද ඔහුගේ විශ්‍රාම වැටුප් ගණනය කර නොමැති බවත්;

(iv) කම්කරු දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද කාලයට අදාළව විශ්‍රාම වැටුප් ලබා ගැනීමට කරන ලද ඉල්ලීම, ඔහු වෘත්තීය පුහුණු අධිකාරියට මුදාහරින ලද්දේ කවර කාණ්ඩය යටතේදැයි යන්න නොපැහැදිලිය යන අදහස මත මෙතෙක් ඉටු වී නොමැති බවත්;

(v) රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් ඇමතූ අංක PNS/P/P7/PEN/PROB(ii)/TEM දරන 2016.07.14 දිනැති ලිපියෙන් නිරීක්ෂණ ඉල්ලා ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) ප්‍රේමතිලක මහතාගේ විශ්‍රාම හිමිකම් ලබාදීම සඳහා පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-03-24

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      නිලධාරියාගේ පෞද්ගලික ලිපි ගොනුව අනුව,

                        ගුවන් හමුදාවේ ස්වේච්ඡා සේවා කාලය  - අවුරුදු අට (08)යි, මාස පහ (05)යි, දින විසිහත (27)යි.

                        කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා කාලය-වසර නමය (09)යි, දින විසිහත (27)යි.

                        වෘත්තීය පුහුණු අධිකාරියේ සේවා කාලය    -අවුරුදු විස්ස (20)යි, මාස දෙක (02)යි,  දින දහතුන(13)යි. (මෙය විශ්‍රාම වැටුප් නොලැබෙන තනතුරකි)

(iii) ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අංක HRD/15/02/TO/49 හා 2015.09.09 දිනැති ලිපියෙන් ඔහු විශ්‍රාම ගන්වන බව දන්වා ඇත.

(iii) එච්.කේ. ප්‍රේමතිලක මහතා 1986.11.03 දින කම්කරු දෙපාර්තමේන්තුවේ පෙදරේරු පුහුණු කිරීමේ උපදේශක තනතුරට කොන්ත්‍රාත් පදනම මත පත් කර ඇති අතර 1991.11.03 දින සිට එම පත්වීම ස්ථිර කර ඇති අතර, 1995.11.30 දින වෘත්තීය පුහුණු අධිකාරියට අනුයුක්තව ඇත. ඒ අනුව කොන්ත්‍රාත් කාල සීමාවද ඇතුළුව මෙම නිලධාරියා කම්කරු දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කර ඇත්තේ වසර 09ක් සහ දින 27 කාලයකි. එයින්ද 1986.11.03 සිට 1991.11.03 දක්වා කොන්ත්‍රාත් පදනම මත සේවය කර ඇති බැවින් එය ස්ථිර සේවා කාලයට ගණනය කළ නොහැකි බව පෙනී යයි.

(iv) කම්කරු දෙපාර්තමේන්තුවේ මිනිස් බල අංශය අහෝසි කරන අවස්ථාවේදී නිලධාරියා වෘත්තීය පුහුණු අධිකාරියේ සේවයට අනුයුක්තව ඇතත්, කම්කරු දෙපාර්තමේන්තුවේ සේවයෙන් මුදා හරින මෙන් ඔහු විසින් කරන ලද ඉල්ලීමක් හෝ වෘත්තීය පුහුණු අධිකාරියට බඳවා ගනු ලැබූ  95.11.30 දිනට වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ නොකරන ඒකාබද්ධ සේවයට අයත් නොවන සියලුම නිලධාරින් රාජ්‍ය පරිපාලන අංක 31/92 චක්‍රලේඛය යටතේ වසර 10ක් සේවය සම්පූර්ණ කරන දිනය දක්වා ආයතන අධ්‍යක්ෂ වෙත ඇති සංචිතයට යැවීමක් පිළිබඳ තොරතුරු තහවුරු වේ.

(v) විධිමත් විශ්‍රාම ගැන්වීමේ ලිපියක් පෞද්ගලික ලිපි ගොනුවේ නොමැති බැවින් විශ්‍රාම වැටුප් ලබාදීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල් විසින් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයෙන් උපදෙස් ඉල්ලා අංක CEQ 7484 හා 2016.05.11 දිනැති ලිපිය යවන ලදුව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් විසින් ඒ පිළිබඳව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්ගේ අදහස් විමසා අංක PNS/P/P7/PEN/PROB(ii)/TEM දරන 2016.07.14 දිනැති ලිපිය යොමු කරන ලදී.

(ආ) විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක විවැ/ප්‍රති07/නිරීක්ෂණ හා 2017.03.21 දිනැති ලිපියෙන් දන්වා ඇති පරිදි,

01. එච්.කේ. ප්‍රේමතිලක මහතා 1986.11.03 දින කම්කරු දෙපාර්තමේන්තුවේ පෙදරේරු පුහුණු කිරීමේ උපදේශක තනතුරට කොන්ත්‍රාත් පදනම මත පත් කර ඇති අතර, එම කාල සීමාව තුළ මසකට දීමනාවක් පමණක් ගෙවා ඇත. අනුමත අර්ථ සාධක අරමුදලක් සඳහා මුදලක් අය කර ගෙන නොමැති බැවින් කොන්ත්‍රාත් පදනම මත කාලය, සේවා කාලයට අදාළ කරගත නොහැකි බව පෙනී යයි.

02. තවද පවත්නා තත්ත්වය අනුව මෙම නිලධාරියා වෘත්තීය පුහුණු අධිකාරියට මුදා හැරීම විධිමත් නොවන බවද නිරීක්ෂණය වේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2017-03-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවීන්ද්‍ර සමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks