01

E   |     |  

 දිනය: 2017-02-22   පිළිතුර ලබා දී ඇත 

1279/2017: අනවසරයෙන් භුක්ති විඳින රජයේ ඉඩම්වලට බලපත්‍ර බෙදා දීම : මාතර දිස්ත්‍රික්කය

1279/’16

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       තමාගේ පදිංචිය සඳහා හෝ වගාවන් සඳහා හෝ ව්‍යාපාරික කටයුතු සඳහා හෝ ප්‍රවේණිගත ඉඩම් නොමැති ජනතාව රජයට අයත් ඉඩම් තම පරිහරණය පිණිස අනවසරයෙන් උපයෝගී කර ගන්නා බවත්;

(ii) කාලයාගේ ඇවෑමෙන් එසේ අනවසරයෙන් භුක්ති විඳිනු ලබන ඉඩම්, රජයේ අයිතියෙන් බැහැර කොට, නියමානුකූලව පවරාදීමේ පිළිවෙතක් සෑම රජයක් විසින්ම පවත්වාගෙන ආ බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඒ අනුව, වර්ෂ 2013 සිට මේ දක්වා මාතර දිස්ත්‍රික්කය තුළ බෙදා දී ඇති ඔප්පු, දීමනාපත්‍ර, හිමිකම්පත්‍ර හෝ බලපත්‍ර සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) ඉහත (i) හි සඳහන් සංඛ්‍යාව, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) මාතර දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් අනවසරයෙන් භුක්ති විඳින එහෙත්, කිසිදු නීත්‍යානුකූල ලේඛනයක් අහිමි පුද්ගලයන් සංඛ්‍යාව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) ඉහත (iii) හි සඳහන් පුද්ගලයන් වෙත දීමනා පත්‍රයක් හෝ අවම වශයෙන් බලපත්‍රයක් හෝ ලබාදීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-02-22

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

(අ)          (i)      දනිමි.

              (ii)      දනිමි.

 

(ආ)         (i)      2013 වසරේ සිට මේ දක්වා ඉඩම් සංවර්ධන ආඥා පනත, රජයේ ඉඩම් ආඥා පනත හා ඉඩම් විශේෂ විධිවිධාන  පනත යන පනත් මඟින් බැහැර කරන ලද ඉඩම්වල විස්තර පහත පරිදි වේ.

                    1.    ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ      -

බලපත්‍ර 11,158 (එකොළොස්දහස් එකසිය පනස්අට)

දීමනා පත්‍ර 9,260 (නවදහස් දෙසීය හැට)

මධ්‍යම පාන්තික දීමනා පත්‍ර 217 (දෙසිය දාහත)

2. රජයේ ඉඩම් ආඥා පනත යටතේ -

දීර්ඝ කාලීන බදු බලපත්‍ර 1,424 (එක්දහස් හාරසිය විසිහතර)

නිදහස් දීමනා පත්‍ර 03 (තුන)

සුනාමි දීමනා පත්‍ර 489 (හාරසිය අසූනමය)

පූජා භූමි දීමනා පත්‍ර 04 (හතර)

දෙපාර්තමේන්තු පැවරීම 17 (දාහත)

3. ඉඩම් ප්‍රදාන (විශේෂ විධිවිධාන) පනත යටතේ-

නියාදන සාධන පත්‍ර 21 (විසි එක)

 

(ii) ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ලබා දී තිබෙන බලපත්‍රවල විස්තර  පහත වගුවේ දැක්වේ.

 

පිළිතුරු දුන් දිනය

2017-05-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks