බලන්න

04

E   |     |  

 දිනය: 2017-02-21   පිළිතුර ලබා දී ඇත 

1278/2017: The Cooperative Loan Society for Educational Service - lax financial regulation

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (4)

(අ)          (i)      2015.10.01 දිනට අධ්‍යාපන සේවා නියුක්තයන්ගේ සමූපකාර සකසුරුවම් හා ණය දෙන සමිතිය සතුව පවතින සම්පූර්ණ මුදල් ප්‍රමාණය කොපමණද;

            (ii)      2016.06.11 වනවිට එම සමිතිය සතුව තිබූ ස්ථිර තැන්පතු ප්‍රමාණය කොපමණද;

(iii) මේ වනවිට ඉහත කී සමිතියෙන් ණය අයදුම්කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

(iv) එම ණය අයදුම්කරුවන් අතරින්, ණය අනුමත වූ නමුත්, මෙතෙක් ණය මුදල් මුදා හැර නොමැති සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;

(v) එම ණය අයදුම්කරුවන්ට ගෙවිය යුතුව ඇති ණය මුදල්වල එකතුව කොපමණද;

(vi) එකී ණය අයදුම්කරුවන් වෙත ණය මුදල් මුදා හැරීම ප්‍රමාද වීමට හේතුව කවරේද;

  (vii) ඉහත කී සමිතිය තම සාමාජිකයන් වෙත නිසි ලෙස ණය මුදල් මුදා හැරීමට ‍නොහැකි තත්ත්වයකට පත්වී ඇති බව දන්නේද;

(viii) එසේ නම්, එම සමිතියේ මූල්‍ය පාලනය විධිමත් කිරීම සඳහා ඉදිරියේ දී ගනු ලබන ක්‍රියාමාර්ග ‍කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-02-21

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks