පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු කංචන විජේසේකර මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලාංකීය ජාතික ආර්ථිකය මෙන්ම, ලක් ජනතාවද එකසේ පෝෂණය කිරීම සඳහා කැපවී සිටින ලාංකීය ධීවර ප්‍රජාව, තම කර්මාන්තය පවත්වාගෙන යනු ලබන්නේ ඉමහත් වූ බාධාවන් මධ්‍යයේ බවත්;
(ii) ඔවුන් අත්විදිනා අනේකවිධ පීඩාවන්ට අමතරව, සාගර සම්පත් කොල්ලකනු ලබන විදේශිකයන්ගේ අඩත්තේට්ටම්වලට මුහුණ පෑමට ද සිදුවී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ජාත්‍යන්තර සාගර සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් විදේශ රාජ්‍යයන්හි දී අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකීය ධීවරයන් හා යාත්‍රා සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) දැනට අත්අඩංගුවේ පසු වන ශ්‍රී ලාංකීය ධීවරයන් සංඛ්‍යාව, අත්අඩංගුවේ පසුවන රාජ්‍යය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ශ්‍රී ලාංකීය සමුද්‍ර සීමාවන් උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙරට අත්අඩංගුවෙහි පසුවන විදේශික ධීවරයන් සංඛ්‍යාව, ඔවුන් අයත් රට අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) විදේශ රාජ්‍යයන්හි අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකීය ධීවරයන් මුදා ගැනීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-02-21
අසන ලද්දේ
ගරු කංචන විජේසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකා ධීවර ප්‍රජාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදී ඇති දේශීය හා ජාත්‍යන්තර නීතිරීති හා සම්මුතීන්ට අනුකූලව ධීවර හා ජලජ සම්පත් අප රටේ මතු පරපුර සඳහා ද රැක දෙමින්, මනා කළමනාකරණයක් යටතේ ධීවර වෘත්තිය කිරීම අවශ්‍ය වන අතර, එසේ කටයුතු කිරීමට සිදුවීම ධීවර කාර්මිකයින්ට මුහුණදීමට සිදුව ඇති බාධාවක් ලෙස නොසැලකිය යුතුය. කෙසේ වුවද, සම්පත් ශීඝ්‍ර ලෙස ක්ෂය වීම හා විවිධ පන්න ක්‍රම භාවිතය ආශ්‍රිතව ධීවර කණ්ඩායම් අතර ගැටලුකාරී තත්ත්වයන් නිරතුරුවම ඇතිවීම හේතුකොටගෙන ධීවර කාර්මිකයාහට තම කර්මාන්තය කර ගෙන යාමේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදුවී ඇත.
(ii) ඉන්දීය ධීවරයින් විසින් දිවයිනේ උතුරු, වයඹ සහ නැඟෙනහිර මුහුදු ප්‍රදේශවල සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතු කොට ගෙන ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාවට ගැටලු ඇති වී තිබේ. ඒ සඳහා තිරසාර විසඳුමක් ලබා දීමට රජය දැඩි කැපවීමකින් යුතුව ඉන්දීය රජය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.
(ආ) (i) 2016 වර්ෂයේදී ශ්‍රී ලාංකික ධීවරයින් 12ක් සහ යාත්‍රා 03ක් ඉන්දීය මුහුදු සීමාව තුළදී අත් අඩංගුවට පත්වී ඇත.
(ii) දැනට කිසිදු ශ්‍රී ලාංකික ධීවරයකු විදේශ රටවල අත් අඩංගුවේ නොමැත.
(iii) 2017.02.07වන දිනට ශ්‍රී ලංකා අත් අඩංගුවේ පසුවන විදේශ ධීවරයින් සංඛ්‍යාව 35කි. ඔවුන් උතුරු මුහුදේ නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ජාතිකයන් වේ.
(iv) 2017.02.07 දිනට ශ්‍රී ලාංකික ධීවරයින් කිසිවකු විදේශ රාජ්‍යයන්හි අත් අඩංගුවේ නොමැත. කෙසේ වුවද, ඉන්දීය අත් අඩංගුවට පත් වන ශ්‍රී ලාංකික ධීවරයින් කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා කටයුතු සැලැස්වීම සම්බන්ධයෙන් ඉන්දීය, ශ්‍රී ලංකා විදේශ කටයුතු හා ධීවර විෂයභාර අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් හා අදාළ නිලධාරින්ද සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී දෙරටේම අත් අඩංගුවට පත් වන ධීවරයින් මානුෂීය හේතූන් මත අන්‍යෝන්‍ය පදනමින් නිදහස් කිරීමට එකඟතාව පළ කර ඇත.
අනෙකුත් රාජ්‍යයන්හි අත් අඩංගුවට පත් වන ශ්‍රී ලාංකික ධීවරයින් සඳහා එම එක් එක් රටවල ක්‍රියාත්මක නීති රීතින්ට අනුකූලව කටයුතු කරනු ලබයි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-02-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks