පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) යාපනය දක්වා දිවෙන උතුරු දුම්රිය මාර්ගය ඉදිකරන ලද වර්ෂය කවරේද;
(ii) 1983 වර්ෂය වනවිට යාල්දේවි දුම්රිය උතුරු දුම්රිය මාර්ගය තුළ දිනකට ගමන් කරන ලද වාර සංඛ්‍යාව කොපමණද;
(iii) 1983 වර්ෂය වනවිට කොළඹ සිට යාපනය දක්වා ද යාපනයේ සිට කොළඹ දක්වා ද වාර්ෂිකව ගමන් ගත් මගීන් සංඛ්‍යාව කොපමණද;
(iv) වර්ෂ 1980 සිට 1983 දක්වා ලැබූ වාර්ෂික ආදායම, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) දුම්රිය මාර්ගය ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විනාශ කරන ලද දිනය කවරේද;
(vi) ප්‍රහාරය එල්ල වූ ස්ථානය කවරේද;
(vii) සිදු වූ විනාශය කොපමණදැයි ගණනය කර තිබේද;
(viii) එසේ නම්, එය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2009 යුද්ධය නිම වීමෙන් පසු උතුරු දුම්රිය මාර්ගය පිළිසකර කිරීමට එක් එක් වර්ෂයේදී වෙන්කළ මුදල කොපමණද;
(ii) දැනට ගමන් ගන්නා වාර සංඛ්‍යාව කොපමණද;
(iii) 2009 සිට මේ දක්වා එක් එක් වර්ෂයේදී ගමන් කර ඇති මගීන් සංඛ්‍යාව කොපමණද;
(iv) ඉහත (iii) හි සඳහන් එක් එක් වර්ෂය තුළ ලබා ඇති ආදායම කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-07
අසන ලද්දේ
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 1905 අගෝස්තු මස 01.
(ii) 02කි.
(iii) දත්ත නොමැත.
(iv)
|
වර්ෂය |
ආදායම (රු) |
|
1980 |
358,948,116.00 |
|
1981 |
408,878,368.00 |
|
1982 |
435,362,852.00 |
|
1983 |
447,908,989.00 |
(v) 1985 ජනවාරි 19 සහ 1986 මාර්තු 25.
(vi) කිලිනොච්චිය - කොකාවිල්හි දී 1985.01.19
වවුනියාව හා පුලියන්කුලම අතර යාල්දේවි දුම්රිය පුපුරුවා හැරීම 1986.03.25
(vii) නැත.
(viii) අදාළ නොවේ.
(ආ) (i)
|
වර්ෂය |
මුදල (රු.) (විදේශ ණය යටතේ ලද මුදල් |
මුදල (රු.) (දේශීය අරමුදල් මඟින් ලද මුදල්) |
|
2011 - 2013 |
34,435,121,970.31 |
2,415,988,065.08 |
|
2014 |
20,285,489,446.59 |
735,214,017.87 |
|
2015 |
13,716,686,867.80 |
5,400,910,047.49 |
|
2016 |
-- |
6,991,252,225.65 |
|
2017 |
-- |
38,225,725.89 |
(ii) 08කි.
(iii)
|
වර්ෂය |
මගීන් සංඛ්‍යාව |
|
2009 |
2,587,500 |
|
2010 |
2,737,800 |
|
2011 |
2,807,199 |
|
2012 |
3,792,327 |
|
2013 |
3,833,215 |
|
2014 |
4,049,194 |
|
2015 |
4,336,797 |
|
2016 |
4,421,985 |
|
2017 (ජන, පෙබ මාස සඳහා) |
691,128 |
(iv)
|
වර්ෂය |
මගී ආදායම (රු.) |
|
2009 |
261,301,720.24 |
|
2010 |
311,267,564.90 |
|
2011 |
317,385,990.00 |
|
2012 |
341,883,540.00 |
|
2013 |
426,680,705.00 |
|
2014 |
522,545,337.00 |
|
2015 |
682,728,628.00 |
|
2016 |
718,884,158.00 |
|
2017 (ජන, පෙබ මාස සඳහා) |
113,585,983.00 |
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-06-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks