පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1217/’16
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රාජ්‍ය ආයතන සංඛ්‍යාව කොපමණද;
(ii) එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් විසින් වර්ෂ 1983න් පසුව විනාශ කරන ලද රාජ්‍ය ආයතන සංඛ්‍යාව කොපමණද;
(iii) විනාශ වූ එම දේපළ පිළිබඳව රජයේ පිළිගත් තක්සේරුවක් කර තිබේද;
(iv) එසේ නම්, එම දේපළවල සම්පූර්ණ වටිනාකම කොපමණද;
(v) විනාශ කරන ලද එක් එක් දේපළවලට අදාළව වගකිව යුතු ත්‍රස්තවාදීන්ට විරුද්ධව නීතිමය පියවර ගෙන තිබේද;
(vi) එසේ නම්, එම පියවර කවරේද;
(vii) ඉහත (i) - (vi) දක්වා විමසා ඇති තොරතුරු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-10-03
අසන ලද්දේ
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 837කි. ඇමුණුම් අංක 01* හි දක්වා ඇත.
(ii) වර්ෂ 1983න් පසුව ත්‍රස්තවාදීන් විසින් පුත්තලම් දිස්ත්‍රික්කයේ විනාශ කරන ලද, රාජ්‍ය ආයතන පිළිබඳව වාර්තා වී නොමැත.
ඊට අදාළ ලිපිය ඇමුණුම් අංක 02* ලෙස ඉදිරිපත් කරමි
(iii), (iv), (v), (vi) ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳ වාර්තා වී නොමැති බැවින් ඊට අදාළව වෙනත් පියවර ගෙන නොමැත.
(vii) ඔව්. ඇමුණුම් අංක 01 සහ 02 මඟින් ඉදිරිපත් කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-10-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks