01

E   |     |  

 දිනය: 2017-09-21   පිළිතුර ලබා දී ඇත 

1205/2017: වාරිමාර්ග සහ ගොවිබිම්: පුත්තලම දිස්ත්‍රික්කය

1205/’16

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      පුත්තලම දිස්ත්‍රික්කය තුළ 1983 වර්ෂය වනවිට තිබූ,

               (i)      වාරිමාර්ග සංඛ්‍යාව;

            (ii)      කුඩා වැව්, අමුණු සහ ඇළ මාර්ග සංඛ්‍යාව;

           (iii)      අස්වද්දන ලද ගොවිබිම් ප්‍රමාණය;

          කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 1983 සිට 2009 වර්ෂයේදී යුදමය තත්ත්වය නිමවන තෙක් වාරිමාර්ග, වැව්, අමුණු සහ ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා වෙන් කරන ලද මුදල;

(ii) යුදමය තත්ත්වය නිම වීමෙන් පසු 2015 වර්ෂය දක්වා, සමස්ත වාරිමාර්ග, වැව්, අමුණු සහ ඇළ මාර්ග ප්‍රතිසංස්කරණයට රජය විසින් වෙන් කරන ලද මුදල;

එක් එක් වර්ෂය අනුව කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-09-21

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      1983 වර්ෂය වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ වාරිමාර්ග 11ක් පාලනය වූ අතර, මේ වන විට වාරිමාර්ග 14ක් පාලනය වේ.

              (ii)      කුඩා වාරිමාර්ග, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය නොවන අතර, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු කටයුතු සිදුකරනු ලබයි.

(iii) 1983 වර්ෂය වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ වගා කළ අක්කර ප්‍රමාණය 3,515කි. මේ වන විට අක්කර 6,588ක වගා කටයුතු සිදුකෙරේ.

(ආ) (i) 1983 වර්ෂයේ සිට තොරතුරු සොයාගැනීමට නොහැක. 2006 සිට 2009 දක්වා වෙන්කළ මුදල රුපියල් 78,077,396.92 (රුපියල් මිලියන 78.1) කි. වර්ෂයන්ට අදාළව වෙන්කළ මුදල පහත පරිදි වේ.

වර්ෂය

වෙන් කළ මුදල (රු.)

2006

17,808,497.18

2007

43,584,727.58

2008

9,865,871.18

2009

6,818,300.98

එකතුව

78,077,396.92

අපට 1983 වර්ෂයේ තොරතුරු සොයාගැනීමට හැකියාවක් නැහැ.

(ii) මුළු මුදල රුපියල් 389,863,457.83 (රුපියල් මිලියන 389.9) කි. වර්ෂයන්ට අදාළව වෙන් කළ මුදල් ප්‍රමාණය පහත පරිදි වේ. 

වර්ෂය

වෙන් කළ මුදල (රුපියල්)

2010

11,522,256.00

2011

64,669,703.19

2012

35,066,685.91

2013

68,773,614.41

2014

98,759,652.80

2015

111,071,545.52

එකතුව

389,863,457.83

 (ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-09-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විජිත් විජයමුණි සොයිසා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks