පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1204/’16
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) අම්පාර දිස්ත්‍රික්කය තුළ 1983 වර්ෂය වනවිට තිබූ,
(i) වාරිමාර්ග සංඛ්‍යාව;
(ii) කුඩා වැව්, අමුණු, ඇළ මාර්ග සංඛ්‍යාව;
(iii) අස්වද්දන ලද ගොවිබිම් ප්‍රමාණය;
කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 1983 සිට 2009 වර්ෂයේ යුදමය තත්ත්වය නිමවන තෙක් වාරිමාර්ග, වැව්, අමුණු, ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා වෙන් කරන ලද මුදල;
(ii) යුදමය තත්ත්වය නිම වීමෙන් පසු 2015 වර්ෂය දක්වා, සමස්ත වාරිමාර්ග, වැව්, අමුණු, ඇළ මාර්ග ප්‍රතිසංස්කරණයට රජය විසින් වෙන් කරන ලද මුදල;
එක් එක් වර්ෂය අනුව කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-09-20
අසන ලද්දේ
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 11යි.
(ii) කුඩා වැව් - වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු නොවන අතර, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු කටයුතු සිදු කරනු ලබයි.
අමුණු - 27යි.
ඇළ මාර්ග - 1,789යි.
(iii) අක්කර 153,671යි.
(ආ) (i) 2000 වර්ෂයට පෙර තොරතුරු සොයා ගැනීමට නොහැක. නමුත්, 2000 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා වෙන් කරන ලද මුදල - රුපියල් 1,460,000,000.00 (මිලියන 1,460.00)කි.
|
වර්ෂය |
වෙන්කළ මුදල (රු.) |
|
2000 |
110,000,000.00 |
|
2001 |
60,000,000.00 |
|
2002 |
80,000,000.00 |
|
2003 |
100,000,000.00 |
|
2004 |
100,000,000.00 |
|
2005 |
150,000,000.00 |
|
2006 |
210,000,000.00 |
|
2007 |
250,000,000.00 |
|
2008 |
200,000,000.00 |
|
2009 |
200,000,000.00 |
|
එකතුව |
1,460,000,000.00 |
(ii) මුළු මුදල රුපියල් 2,881,000,000.00 (මිලියන 2,881.00)කි. වර්ෂයන්ට අදාළව වෙන් කළ මුදල් ප්‍රමාණය පහත පරිදි වේ.
|
වර්ෂය |
වෙන් කළ මුදල (රු.) |
|
2010 |
205,000,000.00 |
|
2011 |
300,000,000.00 |
|
2012 |
356,000,000.00 |
|
2013 |
410,000,000.00 |
|
2014 |
850,000,000.00 |
|
2015 |
760,000,000.00 |
|
එකතුව |
2,881,000,000.00 |
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-09-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පාලිත රන්ගේ බණ්ඩාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks