02

E   |     |  

 දිනය: 2017-08-23   පිළිතුර ලබා දී ඇත 

1200/2017: වාර්මාර්ග සහ ගොවිබිම් : මන්නාරම දිස්ත්‍රික්කය

1200/’16

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      මන්නාරම දිස්ත්‍රික්කය තුළ 1983 වර්ෂය වනවිට තිබූ,

               (i)       වාරිමාර්ග සංඛ්‍යාව;

             (ii)       කුඩා වැව්, අමුණු සහ ඇළ මාර්ග සංඛ්‍යාව;

            (iii)       අස්වද්දන ලද ගොවිබිම් ප්‍රමාණය;

          කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 

(ආ) (i) 1983 සිට 2009 වර්ෂයේ යුදමය තත්ත්වය නිමවන තෙක් වාරිමාර්ග, වැව්, අමුණු සහ ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා වෙන් කරන ලද මුදල;

(ii) යුදමය තත්ත්වය නිම වීමෙන් පසු 2015 වර්ෂය දක්වා, සමස්ත වාරිමාර්ග, වැව්, අමුණු සහ ඇළ මාර්ග ප්‍රතිසංස්කරණයට රජය විසින් වෙන් කරන ලද මුදල;

එක් එක් වර්ෂය අනුව කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-23

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)       1983 වර්ෂයට පෙර තොරතුරු සොයා ගැනීමට නොහැක. නමුත්, මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ වාරිමාර්ග 03ක් පාලනය වේ.

              (ii)       කුඩා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය නොවන අතර, උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු කටයුතු සිදු කරනු ලබයි.

              (iii)       1983 වර්ෂය වන නවිට තිබූ තොරතුරු සොයාගත නොහැකි අතර, 2015 වර්ෂය වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ වගා කරනු ලැබූ අක්කර ප්‍රමාණය 30199කි.

(ආ) (i) තොරතුරු සොයා ගැනීමට නොහැක.

(ii) මුළු මුදල රු.253,358,380.47 (රු.මිලියන 253.4) කි. වර්ෂයන්ට අදාළව වෙන් කළ මුදල් ප්‍රමාණය පහත පරිදි වේ.

 

 

වර්ෂය

වෙන් කළ මුදල (රු.)

2011

  74,601,659.93

2012

  81,349,273.00

2013

  26,916,744.02

2014

  31,236,254.79

2015

  39,254,448.73

එකතුව

253,358,380.47

 

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-08-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පාලිත රන්ගේ බණ්ඩාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks