පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1177/’16
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දේශීය ගුවන් ගමන් පිළිබඳ රජයේ නිශ්චිත ප්‍රතිපත්තියක් තිබේද;
(ii) ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා නොමිලේ භාවිතා කිරීමට හිමිකම් ඇති රජයේ තනතුරු දරන්නන් කවුරුන්ද;
(iii) ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා නොමිලේ භාවිතා කිරීමට හිමිකම් ඇති රජයේ ආයතන කවරේද;
(iv) රජයේ මුදලින් දේශීය ගුවන් ගමන් යා හැකි තනතුරු දරන්නන් කවුරුන්ද;
(v) 2015.01.09 දින සිට 2016.10.31 දින දක්වා කාලය තුළදී රජයේ මුදලින්, රාජ්‍ය සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලවල මුදලින්, රාජ්‍ය සමාගම්වල මුදලින් හෝ දේශීය ගුවන් ගමන් යෙදුණු රජයේ අමාත්‍යවරයන්, මන්ත්‍රීවරයන් සහ නිලධාරින්ගේ නම්, ඔවුන් දේශීය ගුවන් ගමන්වල යෙදුණු අවස්ථා, එසේ ගුවනින් ගමන් කිරීමට හේතු සහ එම ගමන්වල පිරිවැය වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-24
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත.
ගරු මන්ත්‍රීතුමනි, දේශීය ගුවන් ගමන් පිළිබඳ නිශ්චිත ප්‍රතිපත්තිය ගැන Transport and Civil Aviation Ministry එකෙන් තමයි අහන්න ඕනෑ. ඒක අපට අදාළ නැහැ.
(ii) 1. ජනාධිපති කාර්යාලයේ ඉල්ලීම මත අතිගරු ජනාධිපතිතුමා
2. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉල්ලීම මත ගරු අග්‍රාමාත්‍යතුමා
3. ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම මත ගරු ආරක්ෂක අමාත්‍යතුමා
මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීම් හා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත විදේශීය රාජ්‍ය නායකයන්ගේ දේශීය සංචාර සඳහා නොමිලේ හෙලිකොප්ටර් යානා ලබා දේ.
(iii) ඉහත තනතුරු දරන්නන් හැර, හෙලිකොප්ටර් යානා නොමිලයේ භාවිත කිරීමට හිමිකම් ඇති රජයේ ආයතන නොමැත.
(iv) ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත අනෙකුත් අමාත්‍යාංශවල ඉල්ලීම් මත රජයේ නිලධාරින් වෙත මුදල් ගෙවීමේ පදනම මත ගුවන් ගමන් යා හැකිය.
(v) රජයේ අමාත්‍යවරයන්, මන්ත්‍රීවරයන් සහ නිලධාරින් මුදල් ගෙවා දේශීය ගුවන් ගමන්වල යෙදී ඇති නමුත් ඒ සඳහා මුදල් ගෙවා ඇත්තේ රජයේ මුදලින් ද, රාජ්‍ය සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලවල මුදලින් ද, රාජ්‍ය සමාගම්වල මුදලින් ද යන්න ගුවන් හමුදාවට නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි අතර, ඔවුන් ගුවනින් ගමන් කිරීමට හේතූන් ද දැක්වීමට නොහැක. එබැවින් ඊට අදාළ නිවැරදි තොරතුරු තහවුරු කරගත් පසුව දැනුම් දීමට කටයුතු කරමි.
(ආ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2017-08-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රුවන් විජයවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks