පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, සම්පයිමඩු ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ, කට්පහපුරම් ග්‍රාමයේ ජනතාව 1990 වර්ෂයේදී යුද්ධය හේතුවෙන් අවතැන්වූ බවත්;
(ii) 2009 වර්ෂයේදී එසේ අවතැන්වූවන්ගෙන් පවුල් 130ක්, කිසිදු මූලික පහසුකමක් නොමැතිව නැවත පදිංචි කළ බවත්;
(iii) මෙතෙක් ඔවුන්ට රජයේ සහන හෝ නිවාස යෝජනා ක්‍රමයක් හෝ නොලැබුණු බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම ජනතාවට නිවාස යෝජනා ක්‍රමයක් සහ නැවත පදිංචිවූවන් සඳහා අවශ්‍ය අනිකුත් සහනයන් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නේද;
(ii) එසේ නම්, එම පියවර කවරේද;
යන්න එතුමා මෙම සහාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-04-04
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ මූල්‍යාධාර යටතේ කට්පහපුරම් ගම්මානයට අයත් ප්‍රතිලාභීන් 06 දෙනෙකුට 2016 වර්ෂය තුළ පවුල් ඒකකයකට රුපියල් 100,000ක් බැගින් ජීවනෝපාය ආධාර පහත සඳහන් ආකාරයට දෙන ලදී.
ළිං ඉදිකිරීමට - ප්‍රතිලාභීන් සිව් දෙනෙකුට දීලා තිබෙනවා.
යතුරුපැදි - එක් ප්‍රතිලාභියෙකුට දීලා තිබෙනවා.
කෘෂි උපකරණ - එක් ප්‍රතිලාභියෙකුට දීලා තිබෙනවා
* අප අමාත්‍යාංශය විසින් ප්‍රතිලාභීන් 32කට 2016 වසරේදී මෙම ගම්මානය තුළ වැසිකිළි ඉදිකර දී ඇත.
* අප අමාත්‍යාංශය විසින් 2015 වසරේදී රුපියල් මිලියනයක් වටිනා මාතෘ - ළදරු සෞඛ්‍ය මධ්‍යස්ථානයක් මෙම ගම්මානය තුළ ඉදිකර දී ඇත.
(ආ) (i) ඔව්.
(ii) උතුරු-නැඟෙනහිර පළාත් තුළ පැවැති යුද්ධය හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් අප අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩ පිළිවෙළ සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සිදු කරනු ලබන්නේ අමාත්‍යාංශයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ නිර්ණායකවලට අනුකූලවය.
මෙම නිර්ණායක යටතේ කට්පහපුරම් ගම්මානයේ ජනතාව ප්‍රතිලාභීන් හැටියට තෝරා ගනු ලැබුවහොත් ඔවුන්ට අවශ්‍ය සියලු සහනාධාර ලබාදීමට අප අමාත්‍යාංශය කටයුතු කරනු ඇතැයි ප්‍රකාශ කරමි. අවසන් යුද්ධය පැවැති වකවානුව තුළ මුළුමනින්ම විපතට පත්වූ ගම්මානවලට අප අමාත්‍යාංශයේ සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ ප්‍රමුඛත්වයක් ලබා දෙන බවද පෙන්වා දෙනු කැමැත්තෙමි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-06-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks