02

E   |     |  

 දිනය: 2017-05-24   පිළිතුර ලබා දී ඇත 

1163/2017: මිනිපේ වේල්ලේ උස වැඩි කිරීම: ගොවීන්ට සිදු වන පීඩා

1163/’16

ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      මහවැලි ග‍ඟේ, මිනිපේ වේල්ලේ උස අඩි 12 කින් වැඩි කිරීමට රජය පියවර ගනිමින් සිටින බවත්;

            (ii)      ජලය නොලැබීමෙන් සේරුවිල, මුතූර් සහ වෙරුගල් යන ප්‍රදේශවලට අයත් ඉඩම් අක්කර 22,500ක් බලපෑමට ලක්වන බවත්; මේ හේතුවෙන් ගොවීන් 80,000ක් පමණ පීඩාවට පත්වන බවත්;

(iii) මීට පෙර මෙම වේල්ලේ ‍උස ‍මීටර් 3 කින් වැඩි කිරීම හේතුවෙන් සේරුවිල, මුතූර්, විජිතපුර සහ වෙරුගල් යන ප්‍රදේශවල ගොවීන්ට  කන්න දෙක වගා කිරීමට නොහැකිවී ඇති බවත්;

(iv) වේල්ලේ උස අඩි 12 කින් වැඩි කිරීමෙන් එම ප්‍රදේශයේ ජනතාවට පානීය ජල හිඟයක් ඇතිවන බවත්;

 

(v) ඉහත කරුණ සම්බන්ධයෙන් 2016.09.04 දින ත්‍රිකුණාමලය නගර සභා ශාලාවේදී ගොවි සංවිධාන 42ක් එක්වී මාධ්‍ය හමුවක් පවත්වා ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) මේ අයුරින් ගොවීන් පීඩාවට පත්වන්නේ නම්, සහන සැලසීම සඳහා රජය ගැනීමට බලාපොරොත්තු වන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-05-24

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)         මහවැලි ග‍ඟේ වේල්ලේ උස මීටර් 3.5කින් හෙවත්, ආසන්න වශයෙන් අඩි 11.5කින් වැඩි කිරීමට පියවර ගනිමින් සිටී.

                (ii)         මේ හේතුවෙන් සේරුවිල, මුතූර් සහ වෙරුගල් ප්‍රදේශවලට ජලය නොලැබීමක් සිදු නොවන බැවින් ගොවීන්ට පීඩාවක් ඇති නොවේ.

.              (iii)         මීට පෙර මෙම වේල්ලේ උස මීටර් 3කින් උස් කර ඉදි කර නැත.

               (iv)         වේල්ලෙහි මෙම උස වැඩි කිරීම (මීටර් 3.5කින්) එම ප්‍රදේශයේ ජනතාවට පානීය ජල හිඟයක් ඇති වීමට හේතු වන්නේ නැත.

     (v)    නොදනී.

(ආ) ඉහත සඳහන් පැහැදිලි කිරීම් අනුව මෙම වේල්ලෙහි උස වැඩි කිරීම හේතුවෙන් ගොවීන් පීඩාවට පත් නොවන අතර, ගොවීන් පීඩාවට පත් වන පරිදි වාරිමාර්ග සංවර්ධනයක් සිදු කරනු නොලබයි.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-05-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks