01

E   |     |  

 දිනය: 2017-07-07   පිළිතුර ලබා දී ඇත 

1155/2017: CAQ - 1043 හා CAQ - 1047 අංක දරන වාහන මිලදී ගැනීම : විස්තර

1155/’16

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය සඳහා    CAQ - 1043 හා CAQ - 1047 යන අංක දරන වාහන මිලදී ගෙන තිබේද;

             (ii)       එසේ නම්, එම වාහන මිලදී ගත් දින කවරේද;

(iii) එක් එක් වාහනය මිලදී ගත් මුදල කවරේද;

(iv) ඒ සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;

(v) එසේ නම්, එම දිනය කවරේද;

(vi) ටෙන්ඩරයට ඉදිරිපත් වූ ආයතන හා ඔවුන් ඉදිරිපත් කළ මිල ගණන් කවරේද;

(vii) එම වාහනවල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි මුල් අයිතිකරුවන් කවුරුන්ද;

(viii) ඔවුන්ගේ ලිපිනයන් කවරේද;

(ix) රේගු වාර්තා අනුව මෙම වාහන ආනයනයේදී CIF වටිනාකම හා ගෙවූ මුදල කවරේද;

(x) එම වාහන සඳහා හිමිවූ බදු සහනය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-07-07

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)            (i)       ඔව්.

              (ii)         2016 මැයි 11.

              (iii)         එක් වාහනයක් රුපියල් 28,000,000 බැගින්.

              (iv)       ඔව්.

               (v)        2016 අප්‍රේල් 11.

        (vi)       1.  ටොයොටා ලංකා (පෞද්) සමාගම - රුපියල් 34,692,660.00

                  2. ඇසෝසියේටඩ් මෝටර් (පෞද්) සමාගම - රුපියල් 28,000,000.00

                  3. එස්.එම්.එල්.ෆොන්ටියර් ඔටෝමෝටිව් (පෞද්) සමාගම - රුපියල් 28,000,000.00

(vii) CAQ-1047 - නිලුපුල් ප්‍රියදර්ශන සම්පත්

CAQ-1043 - වීරගම ඉමියලාගේ චන්දික සේනානි

(viii) නිලුපුල් ප්‍රියදර්ශන සම්පත්,

24/12 B,

වීරකෝන් ගාර්ඩ්න්ස්,

මහනුවර.

 

වීරගම ඉමියලාගේ චන්දික සේනානි,

පුවක්වත්තහේන,

අයගම,

රත්නපුර.

(ix) නොදනී.

(x) අදාළ වාහන ලබා ගැනීම සඳහා මිල ගණන් කැඳවූ අවස්ථාවේ දී,  සමාගම සතුව පැවැති තොගයෙන් (Ex. Stock) සැපයීම මත මිල ගණන් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව මෙම වාහන අප අමාත්‍යාංශය වෙනුවෙන්ම ආනයනය කරන ලද වාහන නොවන බැවින් බදු සහනය පිළිබඳ විස්තර අදාළ මිල ගණන් ඉදිරිපත් කළ ලේඛනවල සඳහන් නොවේ.

(ආ) අදාළ ‍නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-07-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks