පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1149/’16
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ගාල්ල, කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි, මොහිදීන්වත්ත නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිකරුවන් සඳහා සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීම මේ දක්වා ප්‍රමාදවීමට හේතු කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) එහි පදිංචිකරුවන් සඳහා ඔප්පු ප්‍රදානය කිරීමට අපේක්ෂා කරන නිශ්චිත දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-07-25
අසන ලද්දේ
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස හා ඉදිකිරීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) ඔව්.
ගාල්ල මොහිදින්වත්ත ඉඩම 44 වගන්තිය යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති ඉඩමක් වන අතර, එම ඉඩම් කෙටස සඳහා මෙතෙක් නිදහස් දීමනා පත්‍රයක් නිකුත් කර නොමැත. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කඩවත්සතර, ගාල්ල හා දකුණු පළාත් ඉඩම් කොමසාරිස් විසින් ඉඩම් කොමසාරිස් ජනරාල් වෙතින් ඉල්ලීම් කර ඇත. අතිගරු ජනාධිපතිතුමාගේ අත්සනින් රජයේ ඉඩම් ආඥා පනතෙහි විධානයන්ට අනුකූලව නිදහස් දීමනා පත්‍රයක් ලද පසුව එම ඉඩම්ලාභීන්ට ඉඩම් අයිතිය ලබා දීම සඳහා ඔප්පු ලබා දීමට හැකි වේ.
(ආ) දැනට නිශ්චිත දිනයක් ප්‍රකාශ කළ නොහැක.
(ඇ) ඔප්පු ලබා දීම සඳහා පහත සඳහන් පියවර සම්පූර්ණ කළ යුතු වේ.
i. දැනට රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙත යවා ඇති කට්ටි සැලැස්මෙහි සංශෝධන කිරීම.
ii. එසේ සැලසුම් සකස් කළ පසු බිම් කොටස් තක්සේරු කර, නිවාසලාභීන් වෙත දන්වා, නිවාසලාභීන්ගෙන් අදාළ ඉඩම් කොටස්වල තක්සේරු වටිනාකම අය කර ගත යුතු වීම.
iii. (අ) හි සඳහන් පරිදි නිදහස් දීමනා පත්‍රයක් ලද පසුව ඔප්පු ලබා දීමට කටයුතු කළ හැකිය.
පිළිතුරු දුන් දිනය
2017-07-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks