පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1147/’16
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ, කාත්තාන්තුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටුවන ලද දිනය කවරේද;
(ii) ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ පිටපතක් සභාගත කරන්නේද;
(iii) එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මඟින් ආවරණය වන සම්පූර්ණ භූමි ප්‍රමාණය කොපමණද;
(iv) එහි ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව කොපමණද;
(v) එම ග්‍රාම නිලධාරි වසම්වල නිල අංක හා නාමයන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටුවීමේදී නිල වශයෙන් සීමා නිර්ණය කිරීමක් සිදුවී තිබේද;
(ii) එසේ නම්, ඒ පිළිබඳව විස්තර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) එකී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ඇති ග්‍රාම නිලධාරි වසම් අතරින් කිසියම් වසමක/වසම්වල පරිපාලන කටයුතු හෝ මෙහෙයවීම් වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිදුකරනු ලබන්නේද;
(ii) එසේ නම්, එම ග්‍රාම නිලධාරි වසම්වල නාමය, නිල අංක ඇතුළු විස්තර ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-03-08
අසන ලද්දේ
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 1997.07.04
(ii) ඔව්. ගැසට් පත්‍රය* බලන්න.
(iii) වර්ග කිලෝමීටර් 6.5
(iv) 18
(v)
අංකය ග්‍රාම නිලධාරි වසම නිල අංකය
01 නව කාත්තන්කුඩි (උතුර) 167 ඒ
02 නව කාත්තන්කුඩි (නැඟෙනහිර) 167 බී
03 නව කාත්තන්කුඩි (දකුණ) 167 සී
04 නව කාත්තන්කුඩි (බටහිර) 167 ඩී
05 කාත්තන්කුඩි - 01 167
06 කාත්තන්කුඩි 01 (දකුණ) 167 ඊ
07 කාත්තන්කුඩි-02 166
08 කාත්තන්කුඩි-02 (උතුර) 166 ඒ
09 කාත්තන්කුඩි-03 165
10 කාත්තන්කුඩි-03(බටහිර) 165 ඒ
11 කාත්තන්කුඩි-03 (නැඟෙනහිර) 165 බී
12 කාත්තන්කුඩි-04 164
13 කාත්තන්කුඩි-04 (බටහිර) 164 සී
14 කාත්තන්කුඩි-05 164 ඒ
15 කාත්තන්කුඩි-05 (දකුණ) 164 බී
16 කාත්තන්කුඩි-06 162
17 කාත්තන්කුඩි-06 (බටහිර) 162 බී
18 කාත්තන්කුඩි-06 (දකුණ) 162 ඒ
(ආ) (i) ඔව්.
(ii) හඳුනාගත් ග්‍රාම නිලධාරි වසම් 18ට අදාළ සීමාව වේ.
(ඇ) (i) ඔව්.
(ii) ඔව්.
අංකය ග්‍රාම නිලධාරි වසම නිල අංකය වර්තමානයේදී පාලනය
කරන ප්‍රාදේශීය ලේකම්
කාර්යාලය
01 නව කාත්තන්කුඩි උතුර 167 ඒ මන්මුනෙයි උතුර
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-05-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks