04

E   |     |  

 දිනය: 2017-02-23   පිළිතුර ලබා දී ඇත 

1144/2017: කෝරලේපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය : විස්තර

1144/’16

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මඩකලපුව දිස්ත්‍රික්කයේ, කෝරලේපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටුවන ලද දිනය කවරේද;

             (ii)       ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ පිටපතක් සභාගත කරන්නේද;

(iii) එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මඟින් ආවරණය වන සම්පූර්ණ භූමි ප්‍රමාණය කොපමණද;

(iv) එහි ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව කොපමණද;

(v) එම ග්‍රාම නිලධාරී වසම්වල නිල අංක හා නාමයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටුවීමේදී නිල වශයෙන් සීමා නිර්ණය කිරීමක් සිදුවී තිබේද;

(ii) එසේ නම්, ඒ පිළිබඳව විස්තර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) එකී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ඇති ග්‍රාම නිලධාරි වසම් අතරින් කිසියම් වසමක/වසම්වල පරිපාලන කටයුතු හෝ මෙහෙයවීම් වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිදුකරනු ලබන්නේද;

(ii) එසේ නම්, එම ග්‍රාම නිලධාරි වසම්වල නාමය, නිල අංක ඇතුළු විස්තර ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?‍

 

අසන ලද දිනය

2017-02-23

අසන ලද්දේ

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

  (අ)         (i).       2002.05.24

              (ii).       ගැසට් පත්‍රය නිකුත් කර නොමැති බැවින් ඉදිරිපත් කළ නොහැක.

             (iii).       ව.කි.මී. 34.01

             (iv).       08කි.

              (v).

 

අනු අංකය

ග්‍රාම නිලධාරි  වසම

නිල අංකය

01

තයිවට්ටවන්

210 සී

02

වාලච්චේනයි 5 මුස්ලිම්

206 බී

03

වාලච්චේනයි 4 මුස්ලිම්

206

04

වාලච්චේනයි 5 මුස්ලිම් (දකුණ)

206 ඩී

05

බ්රේන්තුරයිච්චේනයි (උතුර)

206 ඒ

06

බ්රේන්තුරෙයිච්චේනයි  (දකුණ)

206 සී

07

මාවඩිච්චේනයි

208 ඒ

08

සෙම්මොනොදායි

208 ඩී

(ආ)          (i).       ඔව්.

              (ii).       හඳුනාගත් ග්‍රාම නිලධාරි වසම් 08ට අදාළ සීමාව වේ.

(ඇ)          (i).       ඔව්.

              (ii).       ඔව්.

 

අනු අංකය

ග්‍රාම නිලධාරි වසම

නිල අංකය

වර්තමානයේ දී පාලනය කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

01

පුනනායි නැඟෙනහිර

211 බී (ගැසට් පත්‍රය නිකුත් කර ඇත.)

කෝරලේපත්තු උතුර, වාකරයි

02

රොධිතැන්න

211 එච් (යෝජිත කොට්ඨාසයකි)

 

03

කරමුනයි

211 ජී /2 (යෝජිත කොට්ඨාසයකි)

 

(ඇ)  අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-05-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නිමල් ලාන්සා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks