පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1132/’16
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ආයෝජන පෞද්ගලික සමාගමට උසස් අධ්‍යාපන ආයතනයක් ඇරඹීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අවසරය ලබාදී තිබේද;
(ii) එසේ නම්, ඒ කවර උපාධි ලබාදීම සඳහාද;
(iii) එම ආයතනය සමඟ ගිවිසුම්ගත වූ දිනය කවරේද;
(iv) එම ගිවිසුම සභාගත කරන්නේද;
(v) ශ්‍රී ලංකාව තුළ හෙද උපාධිය සහ සෞඛ්‍ය විද්‍යා උපාධිය පිරිනැමීමට අනුමතිය ලබාදීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ව අවසරය ලබාගත යුතු බවට වන කොන්දේසිය, ඉහත කී සමාගම සපුරා තිබේද;
(vi) එසේ නම්, සෞඛ්‍ය අමාත්‍යාංශය එම අවසරය ලබාදුන් ලිපිය සභාගත කරන්නේද;
(vii) නොඑසේ නම්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ඇති වූ එකඟතාවය කඩ කරන ලද එම සමාගමට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-03-10
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික සමාගම විසින් 2008 මාර්තු 27 වන දින ආයෝජන මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද ආයෝජන අයදුම්පත සඳහා 2006 අංක 2 දරන ආයෝජන මණ්ඩල රෙගුලාසි අංක 07 වගන්තියට අනුකූලව, දකුණු ආසියානු තාක්ෂණික හා කළමනාකරණ ආයතනය යන නමින් උසස් අධ්‍යාපන ආයතනයක් ඇරඹීමට එම ආයතනය වෙත අවසර ලබා දී ඇත.
(ii) ආයෝජන මණ්ඩලය විසින් පහත සඳහන් අංශවල උසස් අධ්‍යාපන පුහුණු සඳහා අවසර දී ඇත.
(a) තොරතුරු තාක්ෂණය
(b) කළමනාකරණ සහ මූල්‍ය
(c) ඉංජිනේරු
(d) වෘත්තීය අධ්‍යාපනය
(e) හෙද සේවය
(f) භාෂා පුහුණුව
(g) සෞඛ්‍ය විද්‍යාව( සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ව අවසරය සහිතව සෞඛ්‍ය විද්‍යා පුහුණුව ලබාදීම සඳහා)
සයිටම් ආයතනයට උපාධි ලබාදිය හැකිවනුයේ ආයෝජන මණ්ඩලයෙහි පූර්ව අනුමැතියට යටත්ව පිළිගත් විශ්ව විද්‍යාලයක් සමඟ අනුබද්ධවීමෙන් පමණි.
(iii) 2008 ඔක්තෝම්බර් 01
(iv) ඔව්. ඇමුණුම් 01* බලන්න.
(v) ආයෝජන මණ්ඩලය සතු වාර්තාවලට අනුව සයිටම් ආයතනය සෞඛ්‍ය විද්‍යාව සම්බන්ධයෙන් පුහුණු කිරීම් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත් ලිපියක් ආයෝජන මණ්ඩලයට භාර දී නැත.
(vi) එවැනි අනුමැතිය ලබා දුන් ලිපියක් ආයෝජන මණ්ඩලය සතුව නැත.
(vii) සයිටම් ආයතනය ආයෝජන මණ්ඩලය සමඟ එළැඹී ඇති ගිවිසුම, ආයෝජන අනුග්‍රාහකත්වය පිළිබඳ වූ ගිවිසුමකි. එකී ගිවිසුම අනුව එම සමාගම විසින් ගිවිසුමේ සඳහන් වන අවම ආයෝජන නිර්ණායකයන් සම්පූර්ණ කිරීම සහ පුහුණු කළ යුතු අවම සිසුන් ගණන සම්පූර්ණ කිරීම යන කොන්දේසි කඩකලහොත් පමණක් 2006 අංක 2 දරණ ආයෝජන මණ්ඩල රෙගුලාසි ප්‍රකාරව ආයෝජන මණ්ඩලය විසින් එම සමාගමට අදාළව පියවර ගනු ලබයි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-05-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මලික් සමරවික්‍රම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks