01

E   |     |  

 දිනය: 2017-03-09   පිළිතුර ලබා දී ඇත 

1095/2017: සමෘද්ධි ආදර්ශ ගම්මාන වැඩසටහන : විස්තර

1095/’16

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       සමෘද්ධි ආදර්ශ ගම්මාන වැඩසටහනේ අරමුණු කවරේද;

            (ii)       ඉහත (i) හි සඳහන් වැඩසටහන සඳහා පුත්තලම දිස්ත්‍රික්කයෙන් තෝරාගත් ගම්මාන කවරේද;

           (iii)       එම එක් එක් ගම්මානයේ සංවර්ධනය සඳහා වැය කිරීමට අපේක්ෂා කරන මුදල කොපමණද;

(iv) එම වැඩසටහන යටතේ එක් ගමකට ලැබෙන සම්පත් ප්‍රමාණය කවරේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-03-09

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      අරමුණු

                        චිරස්ථායී නිෂ්පාදන ක්‍රමවේදයක් තුළින් පවුලේ පෝෂණය සහ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම.

                        ප්‍රජා සහභාගිත්වය උපරිම ලෙස යොදා ගනිමින්, ග්‍රාමීය නිෂ්පාදන වැඩි දියුණු කර, අලෙවිකරණ ජාලයට සම්බන්ධ කර, ඔවුන්ගේ ආර්ථික සවිබල ගැන්වීම.

                        සමාජ සංවර්ධන සහ අනෙකුත් පොදු පහසුකම් ප්‍රශස්ත මට්ටමකට පත් කරමින්, ක්‍රියකාරී ගම්මාන පද්ධතියක් බිහි කිරීම.

                        අන් අයටද ආදර්ශයක් වන පරිදි, දැනුම හා සතුට ලබාගත හැකි පරිදි, සමෝධානික ආදර්ශ ගම්මානයක් බිහි කිරීම.

දිළිඳුකම පිටුදැකීමේ ජාතික මෙහෙවරට මනා ආදර්ශයක් ලබා දිය හැකි වන ලෙස දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම.

 

(ii) 2016 වර්ෂය සඳහා (පුත්තලම දිස්ත්‍රික්කය)

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - පල්ලම

ගම - වතුපොල

ග්‍රාම නිලධාරි වසම - වතුපොල

2017 වර්ෂය සඳහා - ගම්මාන තෝරා ගැනීමට කටයුතු සලසා ඇත.

(iii) එම ගම්මානයෙහි අදාළ වැඩසටහන සඳහා වෙන් කළ මුදල

2016 වර්ෂය - රු.7,000,000.00 (රු.මි.7)

(iv) එම වැඩසටහන යටතේ ගමට ලැබූ සම්පත් ප්‍රමාණය

ව්‍යාපෘති සංඛ්‍යාව වැය කළ

මුදල (රු.මිලි.)

1. කෘෂි ව්‍යාපෘති 08 0.5

2.යටිතල පහසුකම්

  සංවර්ධනය 13 6.325

   එකතුව 21 6.825

 

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-03-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks