01

E   |     |  

 දිනය: 2017-06-23   පිළිතුර ලබා දී ඇත 

1087/2017: ත්‍රිවිධ හමුදාවේ අශ්වාරෝහක අංශය: විස්තර

1087/’16

ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      යුධ, ගුවන් සහ නාවික යන ත්‍රිවිධ හමුදාවන්හි අශ්වාරෝහක අංශය තුළ සිටින අශ්වයන් සංඛ්‍යාව;

             (ii)      එම අශ්වයන් නඩත්තු කිරීම සඳහා වැය කරන මුදල; ‍

           (iii)      උක්ත අශ්වයන්ගෙන් ගනු ලබන ප්‍රයෝජන;

එක් එක් හමුදාව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) උක්ත හමුදාවන්ගේ අශ්වාරෝහක අංශයට තවත් අශ්වයන් ගෙන්වීමට කටයුතු කරන්නේද;

(ii) එසේ නම්, ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල එක් එක් හමුදාව අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-06-23

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      යුද්ධ හමුදාව - අශ්වයන් 27යි.

                         ගුවන් හමුදාව - අශ්වාරෝහක අංශයක් ‍නොමැත. දියතලාව ගොඩබිම් සටන් පුහුණු පාසලේ එක් අශ්වයෙක් පමණක් සිටී.

                         නාවික හමුදාව - නැත.

              (ii)      වසරකට වැය කරන මුදල් දළ වශයෙන්;

                         යුද්ධ හමුදාව - රු. 13,473,472යි.

                         ගුවන් හමුදාව - රු. 228,000යි.

(iii) යුද්ධ හමුදාව - යුද්ධ හමුදා විද්‍යා පීඨයෙහි සරඹ පෙළපාළි හා අනෙකුත් විශේෂිත සරඹ පෙළපාළි සඳහාත්, ආධුනික නිලධාරින්ගේ පුහුණුවීම් කටයුතු සඳහාත් යොදා ගනී

ගුවන් හමුදාව - ආධුනික නිලධාරින්ගේ පෞරුෂත්ව වර්ධනය කිරීමේ පුහුණුවීම් කටයුතු සඳහා යොදා ගනී.

(ආ) (i) ඉදිරියේදී අවශ්‍යතාවක් මතු වුවහොත් පමණක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පීඨය සඳහා අශ්වයින් ගෙන්වීමට කටයුතු කෙරෙනු ඇත.

(ii) මේ වන විට අවශ්‍යතාවක් මතු වී නොමැති බැවින් අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-09-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රුවන් විජයවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks