01

E   |     |  

 දිනය: 2017-07-27   පිළිතුර ලබා දී ඇත 

1076/2017: කහල්ල වන රක්ෂිතය : මාර්ග සහ ගොඩනැඟිලි ඉඳි කිරීමේ යෝජිත සැලැස්ම

1076/’16

ගරු බිමල් රත්නායක මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් හපුතලේ ඉඩම්වල වසර 75කට අධික කාලයක සිට මේ දක්වා පදිංචිව සිටින ජනතාවගෙන් වාර්ෂිකව බදු අයකරන බවත්;

             (ii)       මෙම වාර්ෂික බද්ද 1970 දී, රු. 75/- ත් රු. 80/- ත් අතර ගණනක් වූ අතර මේ වනවිට එය  රු. 10,000/- ත් රු. 25,000/- අතර ගණනක් දක්වා වැඩිකර ඇති බවත්;

(iii) එකම ඉඩමේ කොටසක පදිංචි පුද්ගලයන් සඳහා ඔප්පු මඟින් හිමිකම පවරා දී තිබියදී, එම ඉඩමේම වෙනත් කොටසක පදිංචි පුද්ගලයන්ට බදු ගෙවන මෙන් දන්වා ඇති බවත්;

(iv) බදු මුදල් නොගෙවන්නේ නම්, ඉඩම්වලින් ඉවත්වන ලෙස දන්වා ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) 1930 වර්ෂයේ සිට මේ දක්වා මෙම ඉඩම්වල පදිංචිව සිටින මෙම පිරිසගෙන් වර්තමානයේ අයකරන අධික බදු මුදල අඩු කිරීමට පියවර ගන්නේද;

(ii) මෙම ඉඩම් ඒවායේ පදිංචිකරුවන්ට පවරා දීමට අවශ්‍ය පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-07-27

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)         කහල්ල පල්ලේකැලේ සහ හක්වටුන ජලාශය පදනම් කරගනිමින් සංචාරක කලාපයක් නිර්මාණය කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු සැලැස්මක් මෙතෙක් ඉදිරිපත් කර නැත. නමුත්, ඉදිරියේදී කහල්ල පල්ලේකැලේ අභයභූමිය ජාතික උද්‍යානයක් ලෙසට සකස් කර අවට ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ලෙස සංචාරක කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වේ.  එම වැඩ පිළිවෙළ සකස් කර මා විසින්ම එතැනට ගිහින් ඒ කටයුතු කළා, ගරු කථානායකතුමනි. ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට පියවර ගනු ලැබේ.

(ii) මෙතෙක් සැලැස්මක් සකසා නොමැත.

(iii) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සුවිශේෂී සැලසුමක් ඉදිරිපත් කර නොමැත. කෙසේ වුවද, වයඹ

ඇළ ව්‍යාපෘතිය යටතේ රක්ෂිතය තුළ දැනට පවතින මාර්ග පුනරුත්ථාපනය කිරීමට නියමිත අතර, එම ව්‍යාපෘතිය යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා අවශ්‍ය කාර්යාල ඉදි කිරීමට නියමිතය.

මේ සඳහා මහවැලි හා පාරිසරික අමාත්‍යාංශය සම්බන්ධ වනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සම්බන්ධ වනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ වනවා. මගේ අමාත්‍යාංශය යටතේ තිබෙන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ වනවා. මේක ඒ සියලු ආයතන ඒකාබද්ධව කරන කටයුත්තක්. මේකට එන්නේ මහවැලි වතුර.

(iv) වයඹ ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේදී ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා පවතින මාර්ග ප්‍රතිසංස්කරණය කරන අතර, රක්ෂිතයේ ආරක්ෂාවට යොදවා ඇති නිලධාරින් සඳහා දැනට වනජීවී කාර්යාල පවතින ස්ථානවල කාර්යාල ඉදිකර දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

(ආ) (i) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් එවැනි ක්‍රියාකාරකම් කිසිවක් ආරම්භ කර නැත.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(iv) අදාළ නොවේ.

(v) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-07-28

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks