පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු කනක හේරත් මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පින්නවල අලි අනාථාගාරයෙහි දැනට සිටින අලි ඇතුන් සංඛ්‍යාව කොපමණද;
(ii) පින්නවල අලි අනාථාගාරය හැරුණු විට, වෙනත් අලි අනාථාගාරයක් අලුතින් පිහිටුවීමට සැලසුම් කර තිබේද;
(iii) එසේ නම්, ඒ කවර ප්‍රදේශයකද;
(iv) ඒ සඳහා අලි ඇතුන් පින්නවල අලි අනාථාගාරයෙන් ලබා ගන්නේද;
(v) එසේ නම්, ඒ කොපමණ සංඛ්‍යාවක්ද;
(vi) මේ නිසා පින්නවල අලි අනාථාගාරයට පවතින ජනප්‍රියත්වයට, දියුණුවට හා පැවැත්මට හානියක් සිදු විය හැකි බව පිළිගන්නේද;
(vii) එසේ නම්, එම හානිය වැළැක්වීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දැනුම් දෙන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-01-25
අසන ලද්දේ
ගරු කනක හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
තිරසර සංවර්ධන හා වනජීවි
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පින්නවල අලි අනාථාගාරයේ අලි 88 දෙනෙක් දැනට ජීවත් වෙති.
(ii) වෙනත් අලි අනාථාගාරයක් පිහිටුවීමට මේ දක්වා සැලසුම් කර නැත. නමුත්, අලි ඇතුන් පෙරහැර සඳහා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර ඇත.
(iii) අලි පුහුණු කිරීමේ මධ්‍යස්ථානය කුරුණෑගල පන්නල ප්‍රදේශයේ පිහිටුවීමට යෝජනා වී ඇත.
(iv) අලි පුහුණු කිරීම සඳහා පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් ලබා ගැනීමට යෝජිතය.
(v) 5 සිට 35 දක්වා සංඛ්‍යාවක් පුහුණු කිරීමට යෝජිතය.
(vi) නැත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-01-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුමේධා ජී. ජයසේන මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks