බලන්න

02

E   |     |  

 දිනය: 2017-02-22   පිළිතුර ලබා දී ඇත 

1062/2017: Houses for journalist affected due to war NE

ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      උතුරේ යුද්ධය හේතුවෙන් පීඩාවට පත් මාධ්‍යවේදීන් සිටින බවත්;

            (ii)      පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන්ට රුපියල් ලක්ෂ 10ක් වටිනා නිවාස ලබාදෙන බවට දැනුම්දී ඇති බවත්;

(iii) ඒ අනුව, උතුරේ මාධ්‍යවේදීන් තිදෙනෙක් තෝරාගෙන ඔවුන්ට නිවාස ලබා දීමේ වගකීම මාධ්‍ය ආයතන තුනක් විසින් භාරගෙන ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත වැඩසටහනේ වත්මන් තත්ත්වය කවරේද;

(ii) මීට අමතරව යුද්ධය නිසා පීඩාවට පත් මාධ්‍යවේදීන්ට නිවාස ලබා දිය හැකි වෙනත් සැලසුම් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-02-22

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks