පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1048/’16
ගරු බුද්ධික පතිරණ මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි සෙත්සිරිපාය දෙවැනි අදියර නව ගොඩනැගිල්ලේ හා සුහුරුපාය නව ගොඩනැගිල්ලේ වර්ග අඩියකට අයකරනු ලබන බදු මුදල හා සේවා ගාස්තුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) මෙම ගොඩනැගිලිවල රථ ගාල් කිරීමට ඇති ඉඩ සඳහා ගෙවීමක් සිදු කළ යුතුද;
(iii) එසේ නම්, එම ගාස්තුව, එක් එක් ගොඩනැගිල්ල අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මෙම ගාස්තු සංශෝධනයට අවශ්‍ය පියවර ගන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-05-04
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සෙත්සිරිපාය දෙවන අදියර නව ගොඩනැඟිල්ලේ වර්ග අඩියක් සඳහා කුලිය, සේවා ගාස්තු සහ බදු ඇතුළත්ව පහත සඳහන් පරිදි වේ.
වර්ග අඩියක් සඳහා කුලිය - රු. 133.98
වර්ග අඩියක් සඳහා සේවා ගාස්තු - රු. 66.99
ජාතිය ගොඩනැගීමේ බද්ද - රු. 4.10
අගය මත එකතු කළ බද්ද - රු. 30.75
ඒ අනුව සියලු බදු ඇතුළත්ව වර්ග අඩියක් සඳහා කුලී මුදල - රු. 235.82
සුහුරුපාය ගොඩනැඟිල්ල නාගරික සංවර්ධන අධිකාරිය සතු නොවන අතර, එය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සතු ගොඩනැඟිල්ලකි. ඒ අනුව, ඒ පිළිබඳව වාර්තා ඉදිරිපත් කිරීමට අපට පුළුවන්කමක් නැහැ.
(ii) සෙත්සිරිපාය දෙවන අදියර නව ගොඩනැඟිල්ලේ රථ ගාල් තුළ කිසිදු මුදල් අය කිරීමක් සිදු නොකෙරේ.
(iii) අදාළ නැත.
(ආ) (i) අදාළ නැත.
(ii) අදාළ නැත.
(ඇ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2017-05-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලසන්ත අලගියවන්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks