E   |     |  

 දිනය: 2017-05-05   පිළිතුර ලබා දී ඇත 

1045/2017: පළාත් පාලන කොට්ඨාස මායිම් නිර්ණය : අභියාචනා කමිටුව

1045/’16

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2012 ‍අංක 21 දරන පළාත් පාලන මැතිවරණ පනත ප්‍රකාරව, පළාත් පාලන කොට්ඨාස මායිම් පිළිබඳ අභියාචනා සලකා බැලීමට අභියාචනා කමිටුවක් පත්කර තිබේද;

            (ii)      එසේ නම්, එම කමිටුව විසින් 2016 ඔක්තෝබර් 31 දිනට අභියාචනා සලකා බලා අවසන් කර ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව කොපමණද;

(iii) ඉහත (ii) හි සඳහන් පළාත් පාලන ආයතනවල නම් කවරේද;

(iv) එම පළාත් පාලන ආයතන සඳහා මෙතෙක් මැතිවරණ නොපැවැත්වීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-05-05

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නැත.

              (ii)      අදාළ නොවේ.

             (iii)      අදාළ නොවේ.

             (iv)      අදාළ නොවේ.

(ආ)     පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2017-07-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks