01

E   |     |  

 දිනය: 2016-12-06   පිළිතුර ලබා දී ඇත 

1039/2016: ආබාධිත පුද්ගලයන් සඳහා ජීවනාධාර: විස්තර

ගරු කනක හේරත් මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2015 වර්ෂයේදී ජීවනාධාර දීමනා ලබා දී ඇති ආබාධ සහිත පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

            (ii)      2015 වර්ෂයේදී ආබාධ සහිත පුද්ගලයන් සඳහා ජීවනාධාර ලෙස ලබා දී ඇති මුළු මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2016 සැප්තැම්බර් 30 වනවිට අලුතින් ඉල්ලුම් කළ ආබාධ සහිත පුද්ගලයන් සඳහා දීමනා ලබා දී තිබේද;

(ii) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) 2015 වර්ෂයේ සිට මෙම දීමනා නො‍ලැබෙන ආබාධ සහිත පුද්ගලයන් සිටින බව පිළිගන්නේද;

(ii) එසේ නම්, කෑගල්ල දිස්ත්‍රික්කයේ සිටින එවැනි ආබාධ සහිත පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

(iii) ඉහත (ii)හි සඳහන් පුද්ගලයන් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් ‍කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම පුද්ගලයන්ට මෙම වර්ෂය තුළදී දීමනා ලබාදීම වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-12-06

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      31,789 (තිස්එක්දහස් හත්සිය අසූනවයයි)

              (ii)      මිලියන 935.8 (මිලියන නවසිය තිස් පහයි දශම අටයි)

(ආ)         (i)      නැත.

              (ii)      නැත.

(ඇ)         (i)      ඔව්.

              (ii)      1,295 (එක්දහස් දෙසීය අනූපහයි)   

             (iii)      01. කෑගල්ල                       243

                        02. වරකාපොල                     117

03. මාවනැල්ල 181

04. ගලිගමුව 103

05. අරණායක 132

06. රඹුක්කන 191

07. රුවන්වැල්ල   55

08. බුලත්කොහුපිටිය     47

09. යටියන්තොට   96

10. දෙහිඕවිට   75

11. දැරණියගල   55

(iv) 2016 වර්ෂය සඳහා ජීවනාධාරලාභීන් 31,789කට ගෙවිය යුතු වුවත් භාණ්ඩාගාරයෙන් 2016 වර්ෂය සඳහා මුදල් වෙන් කරන ලද්දේ ප්‍රතිලාභීන් 28,822කට පමණි. මෙම ගැටලුවට පිළියමක් වශයෙන් මෙතෙක් ගෙවන ලද ජීවනාධාරලාභීන්ට තවදුරටත් ගෙවීම් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-02-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks