E   |   த   |  

 දිනය: 2016-12-08   පිළිතුර ලබා දී ඇත 

1034/2016: Sports Grounds and complexes completed from the funds allocated from Budget 2016 to Sports Ministry

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2016 වර්ෂය වෙනුවෙන්  “ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය” යටතේ ක්‍රීඩාංගණ 11ක් හා ක්‍රීඩා සංකීර්ණ 10ක් ඉදිකිරීම සඳහා අමාත්‍යාංශයට  වෙන් කර ඇති රුපියල් මිලියන 1,348ක මුදලින් මේ වනවිට ඉදිකර ඇති ක්‍රීඩාංගණ හා ක්‍රීඩා සංකීර්ණ සංඛ්‍යාව කොපමණද;

(ii) ඉහත (i) හි සඳහන් ක්‍රීඩාංගණ හා ක්‍රීඩා සංකීර්ණ කවරේද; 

(iii) මෙම වර්ෂය තුළ වැඩ අවසන් කර ක්‍රීඩකයන්ගේ පරිහරණයට ලබාදිය හැකි ක්‍රීඩාංගණ හා ක්‍රීඩා සංකීර්ණ සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ග්‍රාමීය ක්‍රීඩකයන් සඳහා ක්‍රීඩා පහසුකම් සැපයීම වෙනුවෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 320ක මුදලින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කවරේද;

(ii) “ක්‍රීඩා ශක්ති” වැඩසටහන යටතේ ක්‍රීඩා දක්ෂතා සංවර්ධනය සඳහා මෙම වර්ෂය තුළ හඳුනාගෙන ඇති ක්‍රීඩකයන් සංඛ්‍යාව කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිකිරීමට යෝජිත මීරිගම ඩී. එස්. සේනානායක විද්‍යාලීය ක්‍රීඩාංගණයේ ඉදිකිරීමේ ප්‍රගතිය කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? 

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-12-08

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks