පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උතුරු හා නැගෙනහිර පැවති යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ මුළු පවුල් සංඛ්‍යාව කොපමණද;
(ii) වර්ෂ 2009 න් පසුව, 2015 ජනවාරි දක්වා කාලය තුළ නැවත පදිංචි කරන ලද පවුල් සංඛ්‍යාව කොපමණද;
(iii) ඉහත (ii)හි සඳහන් සංඛ්‍යාව, මුළු අවතැන් පවුල් සංඛ්‍යාවෙන් කවර ප්‍රතිශතයක්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2016 ජනවාරි වනවිට සුභසාධන කඳවුරු තුළ සිටි පවුල් සංඛ්‍යාව හා පුද්ගලයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) 2016 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ නැවත පදිංචි කර ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;
(iii) නැවත පදිංචි කිරීමට ඉතිරිව සිටින පවුල් සංඛ්‍යාව හා පුද්ගලයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) නැවත පදිංචි නොකර තවදුරටත් කඳවුරුවල ජනතාව රඳවා තැබීමට හේතු කවරේද;
(v) නැවත පදිංචි කිරිමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කරන දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-12-05
අසන ලද්දේ
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 267,500
(ii) 233,245
(iii) 87%
(ආ) (i) 1,490 පවුල් 5,223 පුද්ගලයන්
(ii)
|
ස්ථානය |
පවුල් සංඛ්‍යාව |
පුද්ගලයන් සංඛ්‍යාව |
|
සුබසාධක මධ්‍යස්ථාන |
554 |
1,936 |
|
ඥාතීන් හිතමිතුරන් සමඟ සිටින |
483 |
5,299 |
|
මුළු සංඛ්‍යාව |
1,037 |
7,235 |
(iii) 31.12.2016 නැවත පදිංචි කිරීමට ඉතිරිව සිටින පවුල්
|
ස්ථානය |
පවුල් සංඛ්‍යාව |
පුද්ගලයන් සංඛ්‍යාව |
|
සුබසාධක මධ්‍යස්ථාන |
798 |
3,102 |
|
ඥාතීන් හිතමිතුරන් සමඟ සිටින |
12,861 |
40,483 |
|
මුළු සංඛ්‍යාව |
13,659 |
43,585 |
(iv) යාපනය දිස්ත්‍රික්කයේ සුබසාධක කඳවුරු 31ක පවුල් 798ක් පමණක් ජීවත් වේ. මෙම ජනතාව සුබසාධක කඳවුරුවල රඳවා ගැනීමට හේතු වී ඇත්තේ මෙම ජනතාව සතු වූ ඉඩම්වල ආරක්ෂක හමුදාව තවදුරටත් රැඳී සිටීමයි.
(v) මෙම ජනතාව සතු ඉඩම්වලට පිවිසීමට හැකිවනු පිණිස ඒවා නිදහස් කළ පසු නැවත පදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණයෙන් නිම කිරීමට හැකි වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-01-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks