පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2007.07.01 දිනයෙන් පසු රාජ්‍ය සේවයට ඇතුළත් වූ නිලධාරින් අ.පො.ස. (සා/පෙ) විභාගයෙන් සිංහල භාෂාව විෂයයක් ලෙස සමත් විය යුතු බවත්;
(ii) රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබන වාචික පරීක්ෂණයෙන් ද සමත් විය යුතු බවත්;
(iii) මෙම පරීක්ෂණය නිශ්චිත කාල සටහනකට අනුව නොපවත්වන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම පරීක්ෂණය කාල සටහනකට අනුව පැවැත්වීමට කටයුතු කරන්නේද;
(ii) නොඑසේ නම්, උතුරු පළාත් සභාවට හෝ දිස්ත්‍රික් පරිපාලනයට මෙම වගකීම භාර දීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-12-06
අසන ලද්දේ
ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2007.07.01 දින සිට රාජ්‍ය/ පළාත් රාජ්‍ය සේවයට විවෘත, සීමිත හා කුසලතා පදනම මත බඳවා ගනු ලබන සියලුම නිලධාරින් විසින් තමන් සේවයට බැඳුණු රාජ්‍ය භාෂාවට අතිරේකව තම තනතුරට අදාළ මට්ටමේ අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතාව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 01/2014 හා ඊට අනුෂාංගික චක්‍රලේඛ විධිවිධාන අනුව ලබාගත යුතු වේ. එම විධිවිධාන අනුව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි විභාග කොමසාරිස් විසින් පවත්වන තනතුරට අදාළ මට්ටමේ ලිඛිත විභාගයෙන් සමත්වීම හෝ අ.පො.ස. (සා. පෙළ) විභාගයේ දෙවන බස (සිංහල/ දෙමළ) විෂයය සමත්වීම හෝ අදාළ චක්‍රලේඛයේ සඳහන් ලිඛිත විභාගය සම්පූර්ණ කිරීමක් ලෙස සැලකේ.
(ii) ලිඛිත විභාගය සම්පූර්ණ කළ පසුව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන තනතුරට අදාළ මට්ටමේ වාචික පරීක්ෂණයෙන් ද සමත් විය යුතු අතර රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 01/2014 හි ඇමුණුම 02 හි සඳහන් නිලධාරියා සේවයට බැඳුණු රාජ්‍ය භාෂාව නොවන අනෙක් රාජ්‍ය භාෂාව පරිපාලන භාෂාව වශයෙන් භාවිත කරනු ලබන ජනතාව බහුතරයක් වාසය කරන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක තිබෙන රාජ්‍ය ආයතනයක එක් වර්ෂයක් හෝ ඊට වැඩි කාලයක් හෝ සක්‍රීය සේවය කිරීම අදාළ වාචික පරීක්ෂණය සමත්වීම වෙනුවට විකල්ප සුදුසුකමක් වේ.
(iii) 2016.05.16 දිනැතිව නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 01/2014(III) මඟින් අදාළ අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත හා වාචික පරීක්ෂණ 2016 වර්ෂයේ සිට පැවැත්වෙන ආකාරය පිළිබඳව උපදෙස් නිකුත් කර ඇත. ඒ අනුව සෑම වසරකම මාර්තු මාසයේද, සැප්තැම්බර් මාසයේද අදාළ ලිඛිත විභාගය, විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන අතර, අයදුම්පත් ලැබීමේ සංඛ්‍යාව මත වාචික පරීක්ෂණ පැවැත්වෙන දින තීරණය කර, එම පරීක්ෂණ පැවැත්වීම රාජ්‍ය භාෂා කොමසාරිස් විසින් සිදු කරනු ලැබේ. අදාළ ලිඛිත විභාගයට හා වාචික පරීක්ෂණයට අයදුම්පත් කැඳවීමට ගැසට් නිවේදන නිකුත් කරනු නොලබන අතර, වසරේ ඕනෑම දිනක ඒ සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ නිලධාරින්ට අයදුම් කිරීමටද පහසුකම් සලසා ඇත.
(ආ) (i) දැනට මෙම පරීක්ෂණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 01/2014(III) හි විධිවිධාන පරිදි නියමිත කාල සීමාවන්හිදී පැවැත්වේ.
(ii) පැන නොනඟී
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2016-12-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks