01

E   |     |  

 දිනය: 2016-12-02   පිළිතුර ලබා දී ඇත 

1025/2016: තෘණ බිම් සඳහා වෙන් කර ඇති ඉඩම් : මුදා ගැනීම

ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මුලතිව්, වව්නියා සහ මන්නාරම දිස්ත්‍රික්කවල පශු සම්පත් සඳහා වූ තෘණ බිම් සඳහා වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය, වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       මුලතිව් ප්‍රදේශයේ පශු සම්පත් සඳහා වූ තෘණ බිම් ලෙස ප්‍රකාශයට පත්කොට ඇති ඉඩම් මුදා ගැනීමට වනජීවී ආරක්ෂක අංශය විසින් අවසර දීම ප්‍රතික්ෂේප කරමින් සිටින බව දන්නේද;

 

 

(iii) පශු පාලනයේ නිරතවන්නන් මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමක් වශයෙන් තෘණ බිම් ලෙස වෙන්කර තිබෙන ඉඩම්, වනජීවී ආරක්ෂක අංශයෙන් මුදවාගෙන පශු පාලනයේ නිරතවන්නන්ගේ ප්‍රයෝජනය සඳහා ලබා දීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-12-02

අසන ලද්දේ

ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

තිරසර සංවර්ධන හා වනජීවි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුලතිව්, වව්නියා සහ මන්නාරම් දිස්ත්‍රික්ක තුළ, වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ප්‍රකාශයට පත් කර ඇති වනජීවී රක්ෂිත තුළ පශු සම්පත් සඳහා වූ තෘණ බිම් සඳහා ඉඩම් වෙන් කර නොමැත.

              (ii)      වනජීවී රක්ෂිත තුළ පශු‍ සම්පත් සඳහා වූ තෘණ බිම් වෙන් කර නොමැති බැවින් මෙය අදාළ නොවේ.

              (iii)      පශු සම්පත් සඳහා වන තෘණ බිම් වනජීවී රක්ෂිත තුළ වෙන් කර නොමැති හෙයින් මෙය අදාළ නොවේ.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2017-01-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks