පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට ප්‍රබල සමාජ ව්‍යසනයක් වී ඇති වකුගඩු රෝගයෙන් පීඩා විඳින රෝගීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන වකුගඩු රෝගී ආධාර වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන්නේද;
(ii) එසේ නම්, ඒ සඳහා මෙම වර්ෂයට වෙන්කර ඇති මුදල කොපමණද;
(iii) මේ වනවිට වන්දි ප්‍රදානය කර ඇති රෝගීන් සංඛ්‍යාව කොපමණද;
(iv) ඉදිරියේදී වන්දි ගෙවීමට සැලසුම් කර ඇති රෝගීන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත (අ)(i) හි සඳහන් වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ වනවිට ක්‍රියාත්මක නොවේ නම්, ඉදිරියේදී එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේද;
(ii) නොඑසේ නම්, එයට හේතු කවරේද;
(iii) මෙම වැඩසටහන පිළිබඳව එම ප්‍රදේශවල සාමාන්‍ය ජනතාව දැනුවත් වී නොමැති බැවින්, සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් පුළුල් ප්‍රචාරයක් ලබා දී අදාළ ජනතාව තවදුරටත් දැනුවත් කිරීමට ක්‍රියාමාර්ගයක් ගන්නේද;
(iv) එසේ නම්, ඒ කවර ආකාරයකින්ද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-12-02
අසන ලද්දේ
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත.
(ii) පැන නොනඟී.
(iii) පැන නොනඟී.
(iv) කාලික රෝගය ව්‍යාප්ත වී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති දිස්ත්‍රික්ක එකොළහකට මේ වන විට රුපියල් 3,000ක මාසික ජීවනාධාර මුදලක් ගෙවනු ලැබේ. එහෙත් ගම්පහ දිස්ත්‍රික්කය මෙම රෝගය ව්‍යාප්ත වී ඇති දිස්ත්‍රික්කයක් ලෙස මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුනාගෙන නොමැති බැවින් මෙතෙක් ගම්පහ දිස්ත්‍රික්කයේ කිසිදු රෝගියෙකුට වකුගඩු ජීවනාධාර දීමනා ගෙවනු නොලැබේ. එසේ වුවත්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ගම්පහ දිස්ත්‍රික්කයද කාලික වකුගඩු රෝගය ව්‍යාප්ත වී ඇති දිස්ත්‍රික්කයක් ලෙස හඳුනා ගතහොත්, භාණ්ඩාගාරයේද එකඟතාව මත සුදුසුකම් සපුරාලන අඩු ආදායම්ලාභී කාලික වකුගඩු රෝගීන් සඳහා මෙම ජීවනාධාර දීමනාව ගෙවිය හැකිය.
(ආ) (i) ඉහත (iv) පිළිතුර අනුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ තීරණය හා භාණ්ඩාගාරයේ එකඟතාව මත මෙම වැඩසටහන දිස්ත්‍රික්කය තුළද ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත.
(ii) පැන නොනඟී.
(iii) ගම්පහ දිස්ත්‍රික්කය තුළ තවමත් මෙම වැඩසටහන ක්‍රියාත්මක නොවන බැවින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කර නොමැත.
එසේ වුවත්, මෙම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය විසින් අඩු ආදායම්ලාභී රෝගීන්ට මාස හයකට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා සහ ගමන් වියදම් ආවරණය කර ගැනීම සඳහා රුපියල් 20,000ක උපරිමයකට යටත්ව එක් වරක් පමණක් ගෙවනු ලබන වෛද්‍ය ආධාර දීමනාවක් ගෙවනු ලබන අතර, මේ සඳහා 2016 වසරට රුපියල් මිලියන හතක (රුපියල් මිලියන 7ක) ප්‍රමාණයක් වෙන් කර ඇත.
වකුගඩු රෝගයෙන් පෙළීම නිසා රුධිරය පිරිපහදු කරන සහ සායනවලට සහභාගි වන රෝගීන්ට ද මේ යටතේ වෛද්‍ය ආධාර දීමනාව සඳහා අයදුම් කළ හැකි නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ කිසිදු වකුගඩු රෝගියකු මෙතෙක් මේ සඳහා අයදුම් කර නොමැත.
ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනත් රෝගවලින් පෙළෙන අඩු ආදායම්ලාභීන් පහත සඳහන් පරිදි ඉහත වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ඇති බැවින් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව මෙම වෛද්‍ය ආධාර දීමනාව පිළිබඳව දැනුවත් වී නොමැති බව කිව නොහැකිය:-
රෝගීන් සංඛ්‍යාව වැය කර ඇති මුදල
2015.12.31 දිනට 83 රු. 1,284,923.46
2016.09.30 දිනට 45 රු. 576,356.80
(iv) සමාජ සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්ත සමාජ සේවා නිලධාරින්, සමාජ සංවර්ධන සහකාර නිලධාරින් සහ සමාජ සේවා විෂයය භාර සංවර්ධන නිලධාරින් විසින් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමෙහි නිරත වන අතර, වෛද්‍ය ආධාර ලබා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය පිළිබඳව අවශ්‍ය උපදෙස් ද දෙනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-01-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks