පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1014/’16
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලී පදනම මත අලුතින් ගොඩනැගිල්ලක් ලබා ගෙන තිබේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
(iii) ඒ සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;
(iv) එසේ නම්, ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වූ පුද්ගලයන් සහ ඔවුන් ඉදිරිපත් කළ මිල ගණන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ල සඳහා රජයේ තක්සේරුව; අයිතිකරුගේ නම හා ලිපිනය; මාසික කුලිය සහ ගෙවූ අත්තිකාරම් මුදල කවරේද;
(vi) එම ගොඩනැගිල්ල සඳහා අයිතිකරු සමඟ අත්සන් කළ බදු ගිවිසුම සභාගත කරන්නේද;
(vii) කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොඩනැගිල්ල වෙත ගෙන ගිය දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-03-07
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) 2016.04.08.
(iii) නැත.
(iv) අමප/16/0309/702/010 හා 2016.03.02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ගොඩනැඟිල්ල කුලී පදනම මත ලබා ගෙන ඇත.
(v) රජයේ තක්සේරුව - රුපියල් මිලියන 13.5 (සේවා ගාස්තු රහිතව)
අයිතිකරුගේ නම හා ලිපිනය - ඩී.යූ. ජයසිංහ, නො:286, වැලිකඩ පාර, රාජගිරිය.
මාසික කුලිය - රුපියල් මිලියන 21.
* මාසික කුලිය - රු. 15,075,000.00
* මාසික සේවා ගාස්තු - රු. 6,180,000.00
* මාසික වට්ටම් - රු. 255,000.00
ගෙවූ අත්තිකාරම් මුදල - රුපියල් මිලියන 504.
(vi) ඔව්. ඇමුණුම* බලන්න.
(vii) ගෙන ගොස් නැත.
අමාත්‍යාංශය නව ගොඩනැඟිල්ල වෙත රැගෙන යාමට පෙර එම ගොඩනැඟිල්ල කාර්යාල පරිශ්‍රයට අදාළ ලෙස සකස් කළ යුතු බැවින්, මේ වන විට ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-07-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks