පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1012/’16
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොළඹ නගරයේ එක් රැස් වන වැසි ජලය මුහුදට බැස යාම සඳහා භූගත නල පද්ධතියක් ඉදිකිරීමේ සැලසුමක් තිබේද;
(ii) එසේ නම්, එම සැලසුම සැකසීම සඳහා උපදේශක සේවා සපයනු ලබන ආයතනය කවරේද;
(iii) එම ආයතනය තෝරා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;
(iv) එසේ නම්, එම දිනය කවරේද;
(v) මෙම ව්‍යාපෘතිය සඳහා ණය හෝ ආධාර ලබා දෙන ආයතනය කවරේද;
(vi) ඉහත (v) හි සඳහන් ණය හෝ ආධාර මුදල කොපමණද;
(vii) එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට යෝජිත කාලය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-01-27
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) යෝජිත ව්‍යාපෘතියට අදාළව ව්‍යාපෘතියේ ඉංජිනේරුවරුන් සහ භූගත නල පද්ධති සැලසුම් හා ඉදිකිරීම් සඳහා අන්තර්ජාතික අත් දැකීම් ඇති දේශීය උපදේශකයන් විසින් සිදු කළ අධ්‍යයනයන් සමාලෝචනය කිරීම සහ ප්‍රසම්පාදන ලේඛන සැකසීම, උපදේශන සේවා සඳහා පත් කරන ලද ඉතාලියේ GEODATA SpA ආයතනය විසින් සිදු කරන ලදී.
තවද, ඉහත සැලසුම් සහ ඉදිකිරීම් (Design & Build) කොන්ත්‍රාත්කරුගේ කටයුතු අධීක්ෂණය සහ කළමනාකරණය සඳහා ඉංජිනේරුමය උපදේශක සේවා ආයතනයක් තෝරා පත් කර ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇත.
(iii) ඔව්. (ටෙන්ඩර් අංක. MCUDP/PMU/C/21 යටතේ)
(iv) යෝජනා කැඳවීම් ලේඛන (RFP) නිකුත් කළ දිනය - 2014.11.12
උපදේශන සේවා ආයතනය වෙත ප්‍රදානය කළ දිනය - 2015.06.04
(v) ලෝක බැංකුව (IBRD)
ණය අංක: 8145 -LK
(vi) මුළු ව්‍යාපෘතිය සඳහා ණය මුදල ඩොලර් මිලියන 213ක් වන අතර, එයින් ඩොලර් මිලියන 36ක් පමණ මෙම උමං මාර්ග ඉදිකිරීමේ උප ව්‍යාපෘතිය සඳහා වැය වෙතැයි දළ වශයෙන් ඇස්තමේන්තුගත කොට ඇත.
(vii) ව්‍යාපෘතිය සඳහා ලංසු ආරාධනය (IFB) 2017.02.13 දින පළ කරන ලද අතර ලංසු විවෘත කිරීම 2017.05.09 දින සිදු කිරීමට නියමිතය. 2017 ඔක්තෝබර් මස වන විට කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට සැලසුම් කොට ඇත.
(ආ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2017-03-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලසන්ත අලගියවන්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks