පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ගොවිජන බැංකුව නමින් බැංකුවක් ක්‍රියාත්මක වන බවත්;
(ii) එම බැංකුව 1988 අංක 30 දරන බැංකු පනත හෝ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි කර නොමැති බවත්;
(iii) ලියාපදිංචි නොකර ජනතාවගෙන් තැන්පතු භාර ගැනීම නීති විරෝධී බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) ගොවිජන බැංකුව ලියාපදිංචි නොකිරීමට හේතු කවරේද;
(ii) එම බැංකුව ලියාපදිංචි කිරීමට හෝ අහෝසි කිරීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-12-09
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සුළු ගොවීන්ගේ මූලික අවශ්‍යතා පොදු යටිතල පහසුකම් මෙන්ම සුබසාධන කටයුතු සපුරාලීම පරමාර්ථ කොටගෙන භාරකාර ඔප්පුවක් මගින් 1994 මාර්තු මස 09 වැනි දින ගොවීන්ගේ භාරකාර අරමුදල සංස්ථාපනය කර ඇත. එම භාරකාර අරමුදලින් ප්‍රාග්ධනය සපයන නියමු ව්‍යාපෘතියක් ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු යටතේ ගොවි බැංකු ක්‍රියාත්මක වේ.
(ii) ලියා පදිංචි කර නොමැත.
(iii) භාරකාර ඔප්පුවක් මගින් සංස්ථාපනය කරන ලද ගොවීන්ගේ භාරකාර අරමුදල මඟින් ගොවි බැංකුව වෙත සියයට එකක පොලියට අවශ්‍ය ප්‍රාග්ධනය ලබා දෙනු ලැබේ. ගොවි බැංකුව මගින් තැන්පතු සඳහා සියයට හතක හා ණය සඳහා සියයට නවයක පොලියකට කුඩා කණ්ඩායම් ණයක් ලෙස ගොවීන්ට ණය ලබා දෙන අතර, එයින් කොටසක් සුරැකුමක් ලෙස රඳවා ගැනීමක් සිදු කරනු ලබයි. එය ඉතුරුම් තැන්පතුවක් සේ සැලකිය හැක. මීට අමතරව ගොවීන්ගේ කැමැත්ත අනුව තැන්පතු භාර ගැනීමක්ද සිදු කෙරේ.
(ආ) (i) ගොවීන්ගේ භාරකාර අරමුදල ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස සංස්ථාපනය කිරීම සඳහා පනතක් හඳුන්වා දීමට කටයුතු කරමින් පවතී. ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක ගොවි බැංකුව ඉදිරියේදී නියමිත පරිදි ණය ලබා දෙන හා ඉතුරුම් තැන්පතු භාර ගන්නා බැංකුවක් ලෙස ලියා පදිංචි කිරීමට කටයුතු කරනු ලැබේ.
(ii) ඉහත (ආ) (i) අනුව බැංකුවක් ලෙස ලියා පදිංචි කිරීමට කටයුතු කරනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-02-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks