පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
975/’16
ගරු බිමල් රත්නායක මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2009.05.19 වැනි දිනට මුලතිව් දිස්ත්‍රික්කයේ තිබූ මත්පැන් අලෙවිසැල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම අලෙවිසැල් පිහිටි ස්ථානවල ලිපිනයන් කවරේද;
(iii) 2010, 2011, 2012, 2013, 2014 සහ 2015 යන වර්ෂයන්හි අලුතින් විවෘතකර ඇති මත්පැන් අලෙවිසැල් සංඛ්‍යාව, එක් එක් වර්ෂයට වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම ස්ථානයන්හි ලිපිනයන් කවරේද;
(v) මේ වනවිට මුලතිව් දිස්ත්‍රික්කය තුළ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-03-09
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත.
(ii) අදාළ නොවේ.
(iii)
|
වර්ෂය |
අලුතින් විවෘත කරන ලද මත්පැන් අලෙවිසැල් |
|
2010 |
01 |
|
2011 |
02 |
|
2012 |
නැත |
|
2013 |
නැත |
|
2014 |
නැත |
|
2015 |
01 |
(iv)
|
බලපත්‍ර වර්ගය |
වර්ෂය |
බලපත්‍ර ලත් ස්ථානයේ නම සහ ලිපිනය |
|
ර.බී.04 |
2010 |
මල්ලාවි වයින් ස්ටෝර්ස්, වෙල්ලකුලම් වීදිය, මල්ලාවි |
|
ර.බී. 7 ටී.බී |
2011 |
සනා ගෙස්ට් හවුස්, අංක 105, කොල්විලන්කුලම්, පාලිනගර්, වව්නිකුලම් |
|
ර.බී. 7 ටී.බී |
2011 |
රාජ් රෙස්ට්, පුදුකුඩිරිප්පු, මුලතිව් |
|
ර.බී. 11 ටී.බී |
2015 |
රෝයල් රෙස්ට්, නුවර පාර, මාන්කුලම් |
(v) 2015 වර්ෂයේ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය (ලීටර්) 3.8
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-03-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks