පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු බිමල් රත්නායක මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2009.05.19 වැනි දිනට මන්නාරම දිස්ත්‍රික්කයේ තිබූ මත්පැන් අලෙවිසැල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම අලෙවිසැල් පිහිටි ස්ථානවල ලිපිනයන් කවරේද;
(iii) 2010, 2011, 2012, 2013, 2014 සහ 2015 යන වර්ෂයන්හි අලුතින් විවෘතකර ඇති මත්පැන් අලෙවිසැල් සංඛ්‍යාව, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම ස්ථානයන්හි ලිපිනයන් කවරේද;
(v) මේ වනවිට මන්නාරම දිස්ත්‍රික්කය තුළ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-03-08
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2009.05.19 වන දින සිට මන්නාරම දිස්ත්‍රක්කයේ මත්පැන් අළෙවිසැල් සංඛ්‍යාව 08කි.
(ii)
|
අංකය |
බලපත්‍ර අංකය |
වර්ෂය |
බලපත්‍ර ලත් ස්ථානයේ නම සහ ලිපිනය |
|
01 |
ර.බී.04 |
1995 |
ලකුෂ්මන් වයින් ස්ටෝර්ස්, අංක 29, සෝල්ටර්න් වීදිය, පෙරියකඩෙයි, මන්නාරම |
|
02 |
ර.බී.04 |
2004 |
බාලා වයින් ෂොප්, සිලාවතුරෙයි පාර, මුරුක්කන් |
|
03 |
ර.බී.04 (පී.වී) |
2003 |
ඒ.එස්.ප්‍රනාන්දු වයින් ෂොප්, අංක 4, වන්නමොඩෙයි, උයිලන්කුලම, මන්නාරම |
|
04 |
ර.බී.04 (පී.වී) |
2004 |
ඒ.කේ.ආර්.වයින් ෂොප්, සිලාවතුරෙයි පාර, මුරුක්කන්, මන්නාරම |
|
05 |
ර.බී. 11 |
2000 |
ස්නැක් ලිකර් රෙස්ටුරන්ට්, නල්ලතන්තීන්ර්කරායි, තෙන්නම්තෝප්පු, කීරි පාර, සවුන්බාර්, මන්නාරම |
|
06 |
ර.බී. 11 |
1997 |
මැක්සිමස් ලිකර් රෙස්ටුරන්ට්, කොට්ඨාස අංක 07, තලෙයිමන්නාරම පාර, පේසාලේ |
|
07 |
ර.බී.22ඒ |
2000 |
සීලයන්ස් බියර් ෂොප්, කොට්ඨාස අංක 07, තලෙයිමන්නාරම පාර, පේසාලේ, මන්නාරම. |
|
08 |
ර.බී.22බී |
2000 |
ස්කයි රෙස්ටුරන්ට්, කෙලින් වීදිය, වෙන්කලෙයිපාඩු, මන්නාරම |
(iii)
|
වර්ෂය |
අලුතින් විවෘත කකරන ලද මත්පැන් අළෙවිසැල් |
|
2010 |
නැත |
|
2011 |
නැත |
|
2012 |
නැත |
|
2013 |
නැත |
|
2014 |
නැත |
|
2015 |
01 |
(iv) ද පැල්මයිරා හවුස්, තලෙයිමන්නාරම පාර, මන්නාරම.
(v) 2015 ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය ලීටර් 14.9
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-03-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks