පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බ්ලූමැන්ඩල් සහ මීතොටමුල්ල යන ස්ථානයන්හි එකතු වී ඇති කසළ දුම්රිය මාර්ගයෙන් ප්‍රවාහනය කර වනාතවිල්ලුව, අරුවක්කලු ප්‍රදේශයේ අක්කර 80ක බිම් ප්‍රදේශයක සනීපාරක්ෂක පිරවුම් සිදු කිරීමට සැලසුම් කළ බවත්;
(ii) එම ව්‍යාපෘතියෙන් කොලොන්නාවේ, මීතොටමුල්ල කසළ හුවමාරු මධ්‍යස්ථානයක් ඉදි කිරීමට, දුම්රිය මාර්ග වැඩි දියුණු කිරීමට සහ උපකරණ මිල දී ගැනීමටත් සැලසුම් කළ බවත්;
(iii) 2015 වර්ෂය සඳහා වූ අයවැයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා, රුපියල් මිලියන 14,000ක් වෙන් කර තිබුණු බවත්;
(iv) 2014 වර්ෂය අගදී ව්‍යාපෘතියේ පළමු අදියර 02හි ප්‍රසම්පාදනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබුනු බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය කවරේද;
(ii) එම ව්‍යාපෘතිය නතර කර තිබේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-12-06
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) බ්ලූමැන්ඩල් සහ මීතොටමුල්ල යන ස්ථානයන්හි එකතු වී ඇති කසළ දුම්රිය මාර්ගයෙන් ප්‍රවාහනය කර වනාතවිල්ලුව, අරුවක්කාලු ප්‍රදේශයේ අක්කර 80 ක බිම් ප්‍රදේශයක සනීපාරක්ෂක පිරවුමක් සිදු කිරීමට සැලසුම් කර නොමැත. නමුත් කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව දෛනිකව අලුතින් එකතු වන කැළිකසළ පරිසරයට හිතකාමීව බැහැර කිරීම සඳහා අරුවක්කාලු ප්‍රදේශයේ සනීපාරක්ෂක කසළ රඳවනයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිම වු පසු දෛනිකව එකතු වන අලුත් කැළිකසළ එම සනීපාරක්ෂක කසළ රඳවනයට යොමු කිරීමට යෝජිතය.
(ii) ඔව්.
(iii) රුපියල් මිලියන 14,000ක් නොවෙයි. රුපියල් මිලියන 2000ක් වෙන් කර තිබුණා.
(iv) ඔව්.
(ආ) (i) 2013.10.15වන දින පුත්තලම අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනය ඉදි කිරීමට අදාළ ශක්‍යතා අධ්‍යයනය සිදු කරන සංකල්පිත සැලසුම් නිර්මාණය කිරීම සඳහා සහ ටෙන්ඩර් ලේඛනය සකස් කිරීම සඳහා "දොහා ඉංජිනියරින් සමාගම" තෝරා ගනු ලැබීය. ඒ පාරිසරික ඇගැයීම් වාර්තාව 2014.01.07වන දින පිළියෙළ කිරීමට ආරම්භ කළ අතර, 2015.08.04වන දින මධ්‍යම පරිසර අධිකාරියට ඉදිරිපත් කරන ලදී. එම පාරිසරික බලපෑම් ඇගැයීම් වාර්තාව මහජන අදහස් විමසීම සඳහා යොමු කළ අවස්ථාවේ දී ප්‍රදේශයේ ධීවර ප්‍රජාව, ප්‍රදේශයේ මහජන නියෝජිතයන් සහ ධීවර රාජ්‍ය නොවන සංවිධාන විරෝධතා ඉදිරිපත් කර තිබිණි. මෙම පාර්ලිමේන්තුවේදීද සභාව කල් තැබීමේ යෝජනා මඟින් අවස්ථා දෙකකදී ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කර තිබුණි. මෙම කසළ රඳවනය ඉදි කිරීමට යෝජිත විල්පත්තු අභයභූමියේ සංරක්ෂණ කලාපය තුළ පිහිටා තිබීම හා එම භූමියේ පාරිසරික වැදගත්කම සැලකිල්ලට ගෙන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ එකඟතාව ලබා නොදීමට තීරණය කර තිබිණි. මෙම කරුණු සැලකිල්ලට ගෙන ගරු පාඨලී චම්පික රණවක අමාත්‍යතුමා අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ පිළිබඳව අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආර්ථික කළමනාකරණ කමිටුව මඟින් අදාළ ආයතන කැඳවා මෙම අභයභූමි කලාපයෙන් පිටත ඉඩමක් හඳුනා ගෙන මේ වන විට එම ඉඩමේ මැනුම් කටයුතු සිදු කරමින් පවතිනවා.
(ii) ඒ සඳහා වන පාරිසරික ඇගැයීම් වාර්තාව සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරමින් පවතිනවා. මේ නව ඉඩමේ පස පිළිබඳ පරීක්ෂණ කටයුතු දැන් සිදු කරමින් පවතිනවා. ඒ පාරිසරික ඇගැයීම් වාර්තාව ලැබීමෙන් පස්සේ මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරනවා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-02-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලසන්ත අලගියවන්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks