පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
937/’16
ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දුම් රහිත දර උඳුන් භාවිතය ප්‍රචලිත කිරීම සඳහා විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර කවරේද;
(ii) ඒ සඳහා මෙතෙක් සිදුකර ඇති ආයෝජනය කොපමණද;
(iii) ජනතාවට වාණිජ මට්ටමින් ඉන්ධන දැව ලබා දීම ප්‍රවර්ධනය කිරීම සඳහා රජය ගෙන ඇති පියවර කවරේද;
(iv) ඉන්ධන දැව වගා කිරීමේ ව්‍යාපෘති යටතේ, ශාක වගා කර ඇති බිම් ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-11-23
අසන ලද්දේ
ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් කිලිනොච්චිය, යාපනය, ත්‍රිකුණාමලය, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක තුළ අඩු ආදායම්ලාභී පවුල් සඳහා කාර්යක්ෂම දර උඳුන් 8,000කට වැඩි ප්‍රමාණයක් බෙදා හරින ලදී.
මෙය වඩාත් ඵලදායී වනවා. මොකද, කාර්යක්ෂම දර උදුන් නිෂ්පාදනය සහ විකිණීම ආර්ථික වශයෙන් ඵලදායී ව්‍යාපාරයක්.
(ii) දැව උදුන් බෙදා දීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 1.46ක්ද, උණු වතුර බොයිලේරු සඳහා රුපියල් මිලියන 0.84ක්ද, ජීව ඉන්ධන වියළන යන්ත්‍ර සඳහා රුපියල් මිලියන 3.75ක් පමණ මේ වන විට වැය කර ඇත.
(iii)
ඒ කියන්නේ standards හඳුන්වලා දීලා තිබෙනවා.
(iv) ඉහත ව්‍යාපෘති යටතේ මෙම වසරේදී හෙක්ටයාර් 500ක පමණ වගා කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
මේ අනුව,
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව හෙක්ටයාර් 100ක්ද,
තලවකැලේ වතු සමාගම සමඟ එක්ව හෙක්ටයාර් 100ක්ද,
රාජ්‍ය නොවන සමාගම් සමඟ හෙක්ටයාර් 300ක්ද වගා කිරීමට නියමිතය.
ගරු මන්ත්‍රීතුමනි, ලංකාව පුරාම ඉඩම් අක්කර දස දහස් ගණනක් තිබෙනවා, කිසිම ප්‍රයෝජනයකට ගන්න බැරි සහ ආර්ථික වගාවක් කරන්නට බැරි. ඒ ප්‍රදේශවල ඉඩම් හඳුනාගෙන ඒවායේ මේ වන වගාව කරලා ජෛව ස්කන්ධ ලබා ගැනීමේ සහයෝගය හරහා රටට විශාල ශක්තියක් වාගේම ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට හැකියාවකුත් අපට ලැබෙනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-03-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks