01

E   |     |  

 දිනය: 2017-02-21   පිළිතුර ලබා දී ඇත 

0920/2017: ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැරණි යකඩ අළෙවි කිරීම: විස්තර

920/’16

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2011 සිට 2015 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පැරණි යකඩ අලෙවි කිරීම සඳහා කටයුතු කර තිබේද;

             (ii)       එසේ නම්, ඒ සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;

            (iii)       2011 සිට 2015 දක්වා එක් එක් වර්ෂයේදී අලෙවි කළ යකඩ ප්‍රමාණයන් හා මිල ගණන් වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම යකඩ මිලදී ගත් පුද්ගලයන් සහ එක් එක් පුද්ගලයා විසින් මිලදී ගන්නා ලද යකඩ ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) වෙළඳපොළේ පැවති මිල ගණන්වලට වඩා අඩුවෙන් විකිණීම නිසා ශ්‍රී ලංකා වරාය අධිකාරියට සිදුවූ අලාභය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-02-21

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා නාවික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      ඔව්.

              (ii)      වරාය අධිකාරියේ පැරණි යකඩ ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශන සේවා සමාගම හරහා විකිණීම සඳහා කළමනාකාරිත්ව කමිටුව විසින් 2007.03.08 දින ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බැවින්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පැරණි යකඩ විකිණීම සඳහා ඩෙන්ඩර් කැඳවා නොමැත. අදාළ කළමනාකරණ කමිටු තීරණය  - ඇමුණුම  I* - බලන්න.

(iii) 2011 සිට 2015 දක්වා එක් එක් වර්ෂවලදී ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශන සේවා සමාගම හරහා අළෙවි කළ පැරණි යකඩ ප්‍රමාණයක් පහත පරිදි වේ.

 

 

වර්ෂය

අළෙවි කළ අබලි යකඩ ප්‍රමාණය (කිලෝග්‍රෑම්)

2011

  600,840

2012

  601,560

2013

  978,860

2014

1,172,210

2015

නැත

එකතුව

3,353,470

 

කළමනාකාරිත්ව කමිටු තීරණයකට අනුව, පැරණි යකඩ මෙට්‍රික්ටොන් එකක් රුපියල් 17,280ක (කිලෝවක් රුපියල් 17.28 බැගින්) මිලකට ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශන සේවා සමාගම හරහා අළෙවි කර ඇත. අදාළ ලිපියේ පිටපතක් ඇමුණුම II* වශයෙන් ඇත. 

(iv)

 

මිලදී ගත් පුද්ගලයාගේ නම

2011 (කිලෝ

ග්‍රෑම්)

2012 (කිලෝ

ග්‍රෑම්)

2013 (කිලෝ

ග්‍රෑම්)

2014 (කිලෝ ග්‍රෑම්)

එකතුව (කිලෝ

ග්‍රෑම්)

1.

එම්. ග්‍රේෂන් මයා

389,630

-

-

-

389,630

2.

ඒ.බී.එම්. හසන් මයා

 58,320

-

-

-

 58,320

3.

කේ.ජී. කසුන් තරංග මයා

73,490

215,580

224,170

246,010

759,250

4.

මැට්රික්ස් හෝල්ඩිංග්ස්

79,400

210,400

73,720

265,050

628,570

5.

උපුල් පෙරේරා මයා

-

91,310

-

-

91,310

6.

රූබි මාකටිං සර්විසස්

-

84,270

-

562,410

646,680

7.

ශාන්ත එන්ටර්ප්‍රයිසස්

-

-

680,970

98,740

779,710

 

 

600,840

601,560

978,860

1,172,210

3,353,470

(v) මෙම පැරණි/අබලි යකඩ සඳහා තත්කාලීනව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාරිත්ව කමිටුව මඟින් ලබා දී ඇති මිල ගණන්වලට අනුව, (කිලෝග්‍රෑමයක් රුපියල් 17.28ක මිලකට) ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශන සේවා සමාගම (SLPMCS) හරහා ගැනුම්කරුවන් වෙත අළෙවි කර ඇත.

(අ) ගැනුම්කරුවෙකුගේ පරිශ්‍රයටම රැ‍ගෙන ගොස් මෙම පැරණි/අබලි යකඩ ඉහළ මිලකට විකිණීම සිදු කළ හැකි මුත්, අදාළ කාර්ය අනුපිළිවෙළ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත දැරීමට සිදු වන අමතර ශ්‍රම/යන්ත්‍රෝපකරණ පිරිවැය වැනි කරුණු හා අදාළව සෙසු ගණනය කිරීම් සිදු කර කිලෝග්‍රෑමයක් රුපියල් 17.28ක මිලකට ගැනුම්කරුවන් වෙත විකිණීම සුදුසු වන බව එවකට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාරිත්ව කමිටුව මඟින් තීරණය කර ඇති බව පැහැදිලි වේ.

(ආ) ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශන සේවා සමාගම වෙත ලියා පදිංචි වූ පෞද්ගලික ආයතන/ගැනුම්කරුවන් 07 දෙනෙකු වෙත මෙම යකඩ/අබලි යකඩ මිලදී ගැනීමේ අවස්ථා ලබා දී ඇති අතර, කවර ආයතනයක්/ගැනුම්කරුවෙකු වෙත ලබා දෙනු ලබන්නේද යන තීරණය එවකට සභාපති (ශ්‍රී ලංකා වරාය අධිකාරිය) විසින් ගනු ලැබ ඇති බවද පැහැදිලි වේ.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-04-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අර්ජුන රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks